Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසිදිසි ශිෂ්‍යාධාර පිරිනැමේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මාධ්‍යවේදීන්ගේ උන්නතිය උදෙසා ආරම්භ කර ඇති ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පැවැත්වූ ශිෂ්‍යාධාර පිරිනැමීමේ උත්සවය ඊයේ (25) දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ යටතේ පාඨමාලාවන් හදාරන අය සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමුණු අතර රුපියල් ලක්ෂයක ආපසු නොගෙවන උපරිම මුදලක් එක් අයෙක් සඳහා වෙන් කර තිබේ. මෙහිදී හැම දෙනෙකු සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීම සිදු කෙරුණු අතර 2017 වසරට අදාළ ශිෂ්‍යාධාර වැඩසටහන මෙසේ පැවැත්විණි.

2006 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ මේ වන විට 739 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර පිරිනමා ඇති අතර මෙම වසරේ සිට මෙහි නව වෙනසක් ඇති කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

මෙහිදී උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා කියා සිටියේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති තොරතුරු දැන ගැනීමේ පනතද තවදුරටත් මහජනතාව අතරට ගෙන යාම සඳහා තවදුරටත් කටයුතු කරන බවත්, ශිෂ්‍යාධාර වශයෙන් ලබා දෙන මුදල වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් පැවසීය.

මේ උත්සවය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) රමණි ගුණවර්ධන මිය, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මිය, ප්‍රධාන ගණකාධිකාරි පී. ඒ. තිලකරත්න මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක අනුලා විජේරත්න මිය, අධ්‍යක්ෂ (සංවර්ධන) ජේ. ඩබ්. එස්. කිත්සිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ. 

ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();