Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ඇරැඹේ

ව්‍යවසායකයන්ට පුළුල් පරාසයක ඉඩ කඩක් විවෘත කරදෙන අතරම උතුරු අර්ධද්වීපයට ප්‍රදර්ශන සිරිය රැගෙන එමින් යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය ඊයේ 26 ඇරැඹිණි.

ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ සේවා පෞද්ගලික සමාගම නව වැනි වරට සංවිධානය කරන ෙම් ප්‍රදර්ශනය ‘උතුරට දොරටුවක්’ තේමාව මූලික කරගෙන පැවැත්වේ. ජාත්‍යන්තර සහ දේශීය ව්‍යවසායකයින් මෙන්ම ව්‍යාපාරික ආයතනයන්ට මුණගැසීම සඳහා මෙම ප්‍රදර්ශනය වැදගත් අවස්ථාවක් නිර්මාණය කර දෙයි.

ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින උතුරු අර්ධද්වීපයෙහි ව්‍යවසායන් සඳහා යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය අතිශය වැදගත් වන අතර නිෂ්පාදන සහසේවා ප්‍රදර්ශන කුටි 350කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පහසුකම් සලසා තිබිණි.

යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය , යාපනය මහනගර සභාව, ශ්‍රී ලංකා සම්මුතික කාර්යාංශය ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය යන ඊට සහයෝගය ලබා දෙයි. කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය, යාපනය ඉන්දීය තානාපති කාර්යාලය, ජාතික අපනයන මණ්ඩලය සහ ඉන්දීය ASSOCHAM යන ආයතනයන් විසින් මේ සඳහා අවශ්‍ය අනුමැතියන් ලබා දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();