‘ලෝකයේ නොයෙකුත් රටවල විවිධ සොරකම් සිදුවූ බවට වාර්තා වෙනවා. එහෙත් අපේ රටේ තමයි බලය තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුත්තන්ට දඬුවම් ලබා දිමට කටයුතු කරගෙන යන්නේ. අපේ නායකතුමා කිසිදාක හොරකම් කෙළෙත් නෑ, සොරකම් කරන්නෙත් නෑ. සොරුන්ට ඉඩදෙන්නෙත් ආරක්ෂා කරන්නෙත් නැතැ‘යි දොම්පෙ මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමේ ජනරැළි කීපයකට එක්වෙමින් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කීය.
දොම්පෙ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මේ රැස්වීම් මාලාව සංවිධානය කළ අතර දොම්පෙ නගරය, පැල්පිට, උඩකනම්පැල්ල, වතුරුගම, මැද්දෙගම හා මණ්ඩාවල මාහේන යන ග්‍රාම වල මේ ජනරැලි පැවැත්වින.
එහිදී තව දුරටත් කතා කළ රංජන් රාමනායක මහතා, ‘හර්ෂණ රාජකරුණා අපේ නවක මන්ත්‍රීවරයා දොම්පෙ වෙනුවෙන් මේ කාලය තුළ කර තිබෙන ආයෝජන දෙස බැලීමේදී එතුමාගේ දක්ෂතාවය මනාව පෙනෙනවා. විශාල සංවර්ධනයක් කර තිබෙන බවත් ඉදිරියේදී විශාල වැඩ කොටසක් කිරීමට අත ගසා ඇති බවත් මනාව පැහාදිලි වෙනවා. මේ සියල්ල කර තිබෙන්නේ පක්ෂ නායකතුමා ඇතුළු මැති ඇමැතිවරුන් සමග තිබෙන කුළු පග බැඳීම නිසා. කීවොත් යමක් එයට මොනව කිව්වත් හරියන්නෙ නෑ, මොන විදියෙන් හෝ කර දෙන මෙන් ඉල්ලා සිටිනවා‘ යයි ද කීය.
‘අපට පළාත් සභා ප්‍රාදේශීය සභා බලය හෝ මධ්‍යම රජයේ බලය හෝ සම්පූර්ණයෙන් නැතිව මේ සියල්ල මේ කාලයතුළ ඉටු කලේ. මධ්‍යම රජයේ පූර්ණ බලය හෝ පළාත් සභා, පළාත් පාලන බලය අපි සතුව තිබුණා නම් මොන තරම් සංවර්ධනයක් දොම්පෙට ඉටු කරාවිද කියල මට හිතාගන්නවත් බෑ. ඒ නිසා මම ඔබ සැම ගෙන් ඉල්ලන්නේ ඔබේ ගම් ප්‍රදේශයේ අඩු පාඩු නිම කර ගැනීම, දූ දරුවන්ට රැකියාඅවස්ථා ඉටුකර ගනීම ඇතුළු සියලු කටයුතු තව දුරටත් සීග්‍රයෙන් ඉටුකර ගැනීමට ඉදිරි මැතිවරණයෙන් දොම්පෙ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන මෙන්‘ යනුවෙන් රංජන් රාමනායක මහතා ඉල්ලා සිටින ලදී.
දොම්පෙ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කතා කරමින්, වසර පහළොවක පමණ කාලයක් දොම්පෙට මන්ත්‍රීවරයෙකු සිටියේ නැහැ. ඒ කාලය තුළ දොම්පෙ ජනතාව අසරණ වෙලා හිටියෙ. ඒ අයගේ දුක කියන්න කෙනෙක් හිටියෙ නෑ. ඒ වකවානුව තුල තමයි මම පළාත් සභාව තුළ සිට පාර්ලිමේන්තුවට ආවේ. ආ විගස මම එදා සිට අද වෙන තුරු යම් වැඩ කොටසක් ඉටු කළ බව මම කිව යුතු නැහැ. එය ඔබ සැමට වැටහෙනවා ඇති. ගමේ ගොඩේ පාරවල් දිය පාරවල් බවට පත්වෙලා තිබුණේ. වාහනයක්, බයිසිකලයක් හෝ දෙපයින් යන්න නොහැකිව තිබූ අවධියක ඒ වගකීම මම භාරගෙන විශාල වැඩ කොටසක් ඉටු කළා. කිසිවෙකුට මේ කාලය තුළ හර්ෂණ දොම්පෙට මොකද කෙරුවෙ කියල අහන්න ඉඩ තියලා නැහැයි කීය.
මෙහිදී නීතිඥ පාලිත සුභසිංහ, අපේක්ෂක අතුල නිශාන්ත ප්‍රේමකුමාර, නදීකා ප්‍රියංගනී බාලසූරිය, උභය කුමාර ජයවර්ධන, මධුර සංජීව අතුකෝරළ යන මහත්ම මහත්මීහූද කතා කළහ.
ජී.එස්.තැලිගම- කිරිඳිවැල සමූහ

0 Comments