ගොඩනැගිලි ඉදිකිරීම්, ඉංජිනේරු සහ වාස්තු විද්‍යා සැපයුම්කාර සහ සේවා සමාගම් එක තැනකට රැගෙන එන ‘කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ’ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජූනි 29,30 සහ ජූලි 01 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
ඉදිකිරීම් අංශයට සම්බන්ධ සියලු අංශ ආවරණය කෙරෙමින් මෙවරද ප්‍රදර්ශනය පැවැත්වේ. හරිත ශ්‍රී ලංකාවක් කරා මෙවර ප්‍රදර්ශනයේ තේමාවයි. ඉදිකිරීමේ ක්ෂේත්‍රයෙහි නවතම ප්‍රවණතාවයක් වන හරිත සංකල්පය ඉලක්ක කරගනිමින් කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2018 ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයෙහි සහයෝගය ඇතිව Lanka Exhibition and Conference Services සමාගම විසින් ප්‍රදර්ශනය සංවිධානය සහ කළමනාකරණය කරයි.
“ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ප්‍රධාන සේවා සැපයුම්කරුවන් සහ පාර්ශ්වකරුවන් සමග අන්තර් ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කර දෙන මේ ප්‍රදර්ශනයට සහභාගී වන්නන්ට සහයෝගය ලබා ගත හැකි නිපැයුම් සහ සේවාවන් රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකියි. මේ වන විට නැවත වරක් ඉදිකිරීම් අංශයෙහි විශාල නැගිටීමක් දැකගැනීමට හැකි බවත්, ක්ෂේත්‍රයට අදාළ නව ප්‍රවණතා සහ තාක්ෂණික සංවර්ධනයන් ප්‍රවර්ධනය සඳහා එය හොඳ අවස්ථාවක් වනු ඇති බවත් අපට විශ්වාසයි.” යනුවෙන් අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයෙහි ආයතන සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතාය.
දේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට අමතරව විදේශිකයන් විශාල පිරිසක්ද මේ සඳහා සහභාගී වන අතර පෙර වර්ෂයන්හි මෙන්ම ආකර්ෂණීය ආකාරයට ප්‍රදර්ශන කුටි සකස් කෙරෙන බවද ආචාර්ය කරුණාරත්න මහතා පවසා සිටියේ ය. චීනය, සිංගප්පූරුව, මැලේසියාව, එක්සත් රාජධානිය සහ ජපානය වැනි රටවලින් ඉදිකිරීම් කර්මාන්ත විශේෂඥයින් ඔවුන්ගේ රටවල නව්‍ය ඉදිකිරීම් ප්‍රවණතා සහ තාක්ෂණයන් මෙවර කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා රැගෙන එනු ඇත.
“මේ වර්ෂයේ කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා අතිරේක සුවිශේෂිතා රාශියක් එකතුකර තිබෙනවා. ප්‍රදර්ශනයට අමතරව සම්මන්ත්‍රණ, දේශීය මෙන්ම විදේශීය ඉදිකිරීම් විශේෂඥයින් සමග සාකච්ඡා සහ හමුවීම් රාශියක් පැවැත්වෙන අතර ඒ හරහා ජාත්‍යන්තරයේ නව ප්‍රවණතා සහ තාක්ෂණයන් පිළිබඳව විශාල දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.” යනුවෙන් අදහස් දක්වා සිටියේ Lanka Exhibition and Conference Services ප්‍රධාන විධායක නිලධාරි ආසිම් මුක්තාර් මහතාය.

0 Comments