පාකිස්තාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා පාකිස්තානයේදී පැවැත්වෙන 5වැනි දෘෂ්‍යාබාධිතවූවන්ගේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිල අද (6) ඩුබායි බලා පිටත්ව යයි.
මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට සත්කාරකයන් සමගින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව එක්වන අතර නේපාලය මෙවර තරගාවලියට එක්වන්නේ පළමු වරටය.
ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග 5කට සහභාගී වන අතර එහි පළමු තරගය 9 වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙයි.
16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස චන්දන දේශප්‍රිය කටයුතු කරන අතර දිනේෂ් මතුගම උප නායකයායි. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලක්ෂාන් දේවප්‍රිය මහතා කටයුතු කරයි.
මේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ.මතිවානන් මහතා සමගින් පෙරේදා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්විණි.
එහිදී දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය පැවැසුවේ මේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් තුන් ඉරියව් ක්‍රීඩකයන් බැවින් දක්ෂතාවලින් ඉහළ හොඳ කණ්ඩායමක් තමන්ට ලැබී ඇති බවත් තමා ඇතුළු කණ්ඩායම රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් ලෝක කුසලානය මවුබිමට ගෙන ඒමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවයි.
‘අපිට හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. මේ සංචිතයේ සියලුම ක්‍රීඩකයන් තුන් ඉරියව් දස්කම් දක්වන අය. ඒක ලොකු විශේෂත්වයක්. රට වෙනුවෙන් උපරිමය කරලා ලෝක කුසලානය මවුබිමට ගෙන්න හැකි සියලුම දේවල් අපි කරනවා’ චන්දන දේශප්‍රිය කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල (මධ්‍ය විකට්ටුව) හා පුහුණුකරුවකුගේ සේවයද සපයා තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් එම පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා ඇමැතිවරයා ප්රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට සිය ස්තූතිය පුද කරන බවද ඔහු පැවැසීය.
දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සංගමයේ සභාපති හා කණ්ඩායම් කළමනාකරු චමින්ද පුෂ්පකුමාර මහතා මෙහිදී කියා සිටියේ 2012 වසරේ සිට ශ්‍රී ලංකාව දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ රැදී සිටින තත්ත්වයක් මත ලෝක කුසලානය දිනා ගැනීම එකම අරමුණ බවයි. දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවට ස්ථිර ගමන් මාර්ගයක් සකසා ගැනීම සඳහා ලොව අනෙකුත් රටවල මෙන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට පවරා ගැනීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. එලෙස කිරීමෙන් තම සංගමයට අවශ්‍ය තාක්ෂණය, ක්‍රීඩාංගණ පහසුකම් හා අනෙකුත් දැනුම ලබා ගැනීම මගින් තමන්ට සිදුවන දුෂ්කරතා මගහරවා ගනිමින් ඉදිරියට යා හැකිවන බවද ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ.මතිවානන් මහතා පැවැසුවේ විධායක කමිටුව සමග සාකච්ඡාකර තීරණයක් ගත යුතු බවයි.
ශ්‍රී ලංකා පිල දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයේ සිටිමින් මේ තරගාවලියට එක්වන අතර පසුගිය වර (2014) ශූරයන් වන ඉන්දියාව සමගින් ශූරතා ද්විත්වයක් හා අනුශූරතා ද්විත්වයක් දිනා ඇති සත්කාරක පාකිස්තානය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටී.
ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ඉහළ දක්ෂතාව වූයේ පසුගිය වර පැවැති සිවුවැනි ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමයි.
1998 වසරේ ආරම්භ වූ ලෝක කුසලාන තරගාවලියේ මංගල කිරුළ දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වු අතර 2002, 2006 වසර වල පාකිස්තානයද, 2014 ඉන්දියාවද ජයග්‍රහණය හිමිකර ගත්තේය. 1998 හා 2014 වසරවලදී පාකිස්තානයට අනුශූරතාව හිමිවීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමට 2005 වසරේ සිට අනුග්‍රහය ලබාදෙන ඩිල්මා සමාගම මෙවරද කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් ලක්ෂ 11ක් වටිනා උපකරණ සහ ගුවන් ප්‍රවේශපත් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළ අතර මාස් ආයතනය විසින් නිල ජර්සි ලබාදී තිබේ.
ශ්‍රී ලංකාව සහභාගීවන මූලික වටයේ තරග
9 දා ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාවට
12 දා ශ්‍රී ලංකාව - බංග්ලාදේශය
13 දා ශ්‍රී ලංකාව - ඉන්දියාව
14 දා ශ්‍රී ලංකාව - පාකිස්තානය
15 දා ශ්‍රී ලංකාව - නේපාලය

0 Comments