Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හුරුළුවැව තිබ්බටුවාවැව වෙල්යායේ “රන් කරල් මංගල්‍යය”

Author(s): 
අමිල ප්‍රභාත් වනසිංහ

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩසටහන සනිටුහන් කළ හුරුළුවැව තිබ්බටුවාවැව වෙල්යායේ අස්වනු නෙළීමේ “රන් කරල් මංගල්‍යය”පෙරේදා (25) පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කළ “එක්වෙමු නැගිටිමු- අටුකොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන 2017 ඔක්තෝබර් මස 06දා සිට 12 වැනි දින දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරිණි.

හුරුළුවැව තිබ්බටුවැව වෙල්යායේදී ජාතියේ යහපත සඳහා අනාගතය වෙනුවෙන් ගොවිජන ජීවිතය ශක්තිමත් කිරීමට හා රටට හිතකර නිදහස් කෘෂි ආර්ථික පදනමක් ඇති කිරීම සඳහාත්,ගොවි ජනතාව පෙරටුකර ගනිමින් මේ ජාතික වැඩසටහන ආරම්භ කළේය.එම වැඩසටහනට සමගාමීව “ජාතික වප්මඟුල් උළෙල” හුරුළුවැව මහවැලි කලාපයේ තිබ්බටුවැව කෙත්යායේ දී ජනපතිගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පසුගිය වසරේ දී පැවැත්විණි.

කෙත්යායේ අස්වනු නෙළීමේ රන් කරල් මංගල්‍ය මේ අනුව පෙරේදා (25)පැවති අතර මෙය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සංවිධාන කර තිබුණි.ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් හෙක්ටයාර් හත හමාරක පමණ වී වගා කෙරිණි.මෙහි අස්වනු නෙළීම පුරාණ චාරිත්‍රවලට මුල්තැන දෙමින් අලංකාරවත්ව සිදු කළ අතර අස්වනු නෙළා කමතට රැගෙන එන ලදී.

මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට මහවැලි හුරුළුවැව කළාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර එම්.ජයරත්න මහතා ඇතුළු මහවැලි අධිකාරිය,ගොවිජන සේවා,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආයතනවල රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();