Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුලත් ‍කොළයට ‍දෙන ඡන්දය හොඳ පාලනයකට ‍දෙන ඡන්දයක්

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන

සියලු සම්පත් සහ මුදල් ලබා දී පළාත් පාලන ආයතනවලින් ජනතාවට ලබා දෙන සේවා උපරිමයෙන් හිමි කර දීමටත්, ජනතාවට සංවර්ධනයේ සාධාරණත්වය ලබා දීමටත් කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළය ලකුණින් ඉදිරිපත් වී සිටින කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලි තුනක් පානදුර, ගල්කිස්ස සහ මැද කොළඹ දී පැවැති අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

නිදහසින් පසු ශ්‍රි ලංකාවේ වර්තමානය තරම් ‍වෙනත් කිසිදු කලෙක අනෙකුත් රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන අපේ රටට හිතවත්ව කටයුතු කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

වසර තුනක් ඇතුළත වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගෙන තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා, රට දියුණු කිරීම සඳහා ලෝකය ජයගැනීම ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව තමා ලබාගත් විශාලතම ජයග්‍රහණය බවද, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජාත්‍යන්තරය දැවැන්ත ශක්තියක් ලබාදෙන බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය පවත්වන අවස්ථා‍වේ ර‍ටේ ප්‍රධාන අගනුවර වන ‍කොළඹ මහ නගර සභා ඡන්දය ඉතාම වැදගත්. ‍මේ සඳහා අපි ඉදිරිපත් කර ති‍බෙන්නේ ‍ඉතාම ‍හොඳ, දක්ෂ කණ්ඩායමක්. ‍කොළඹ නගර සභා බල ප්‍ර‍දේශ‍යේ ති‍බෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්විට ඇතැම් විට පුදුම හි‍තෙනවා.

මේ තරම් දුක්විඳින පිරිස් ඉන්නවාද. ‍ගොඩක් අය ‍කොළඹ නගරයේ ලස්සන ගැන කතා කරනවා. නමුත් ‍මේ සියලු ‍දෙනාම දන්නවා ‍ගොඩනැඟිලි ලස්සන වුවත් මංමාවත් ලස්සන වුවත් මිනිසුන්ගේ ජීවිත ලස්සන නැතිනම් ඒ සංවර්ධන‍යේ වැඩක් නැහැ. ‍මේ බල ප්‍ර‍දේශය තුළ ‍හොඳ ආර්ථිකයක් ති‍බෙනවා. පසුගිය දිනවල ‍මේ ප්‍රදේවල මම නිවාස ව්‍යාපෘති විවෘත කරන්න ගියා. ඒ ජනතාව‍ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නා.

‍මේ ජනතාවට පාසල් සම්බන්ධ‍යෙන් ප්‍රශ්න ති‍බෙනවා. ‍කොළඹ නගර සභාව හැමදාම එක්සත් ජාතික පක්ෂයට බරයි. නමුත් ‍මේ නගර‍යේ ජනතාව‍ගේ ජීවන තත්ත්වය සම්බන්ධ‍යෙන් ආණ්ඩු කිහිපයක් කටයුතු කර නැහැ. අද ‍කොළඹ නගර‍යේ ජනප්‍රිය පාසල්වල දරුවන්ගෙන් සියයට 60ක් ‍කොළඹින් පිට. ‍මෙය අධ්‍යාපන‍යේ ඇති අසමානතාවක් ‍මෙන්ම ‍කොළඹ දරුවන්ට අසාධාරණයක් ‍වෙනවා.

ඒ නිසා අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ‍ගෙන ‍මේ තරඟතාරිත්ව‍යෙන් බැහැර කරන්න ළඟම පාසල ‍හොඳම පාසල කරන්න පියවර ‍ගෙන ති‍බෙනවා. මුස්ලිම් ජනතාව‍ගේ දරුවන්ට විවිධ ප්‍රශ්න ති‍බෙනවා. ‍මේ නගර‍යේ සංවර්ධනය යනු පාර හැදීම, ලයිට් කනු දැමීම විතරක් ‍නො‍වේ. ප්‍රධාන වශ‍යෙන් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳිය යුතු ‍වෙනවා. දුප්පත් ජනතාව ‍කෙ‍රෙහි වැඩි අවධානයක් ‍යොමු කළයුතු ‍වෙනවා. ‍ලබන 10 දා පවත්වන මැතිවරණ‍යේ දී අපි ‍මේ රටේ ජනතාව‍‍ගෙන් ඉල්ලන්නේ ‍ජනතාවට ආදරය කරන, දූෂණ‍යෙන්, වංචා‍‍වෙන් ‍තොර පාලනයක් ඇති කරන්න ඔ‍බේ ඡන්දය ‍දෙන්න කියලයි.

මම පසුගිය කාල‍යේ ‍කොළඹ නගර‍යේ ප්‍රශ්නවලට අත ගැසු‍වේ නැහැ. නමුත් පසුගිය කාලය තුළ ‍කොළඹ නගරය තුළ බරපතළ ප්‍රශ්න ති‍බෙනවා. අ‍පේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසු ‍කොළඹ නගර‍යේ සංවර්ධනය ගැන පුද්ගලිකව මම ‍සොයා බලනවා. මම කළගුණ දන්නා ‍කෙ‍නෙක්. මාව ජනාධිපති කරන්න සිංහල ජනතාව ව‍ගේම මුස්ලිම් හා ‍දෙමළ ජනතාව සියයට 80 ට වඩා ඡන්දය දුන්නා.

ම‍ගේ ජනාධිපති ඡන්ද‍යේ දී ‍හෝ විශාල ‍සෙනඟක් මඩකලපුවේ සිටි‍යේ නැහැ. නමුත් ‍මෙවර පැවැති රැළියට විශාල පිරිසක් පැමිණියා. අපි හිතට එකඟව ජනතා ප්‍රශ්න විසඳිය යුතුයි. සියලු ජනතාවට ස‍හෝදරත්නවයෙන්, සමඟියෙන් සිටිය හැකි රටක් නිර්මාණය කළයුතුයි. ඉතිහාසයේ සිංහල, ‍දෙමළ, මුස්ලිම් නායකයන් සුද්දන්ට එ‍රෙහිව කටයුතු කළත් පසු ක‍ලෙක විවිධ ප්‍රශ්න ඇතිකර ගත්තා. ‍මේ නිසාම ‍නො‍යෙකුත් ගැටලු ඇතිවුණා. මිනිස්සු ස‍හෝදරත්වයෙන්, බැඳී‍මෙන් කටයුතු කළයුතු ‍වෙනවා.

ර‍ටේ නායකත්වය සියලු ‍දෙනාම ආරක්ෂා කළයුතු ‍වෙනවා. සාධාරණව කටයුතු කළයුතු ‍වෙනවා. ‍සේවය කළයුතු ‍වෙනවා. අද අපට ‍මේ රට දියුණු කරන්න ඇති අමාරුකම් ‍මොනවාද. පසුගිය කාල‍යේ අපිට ජාත්‍යන්තර‍යෙන් විවිධ ‍චෝදනා පැමිණියා. මේ නිසාම අපිට උදව් ක‍ළේ නැහැ. අ‍පේ රට දියුණු කරන්න බැරි ඇයි. සියලු සම්පත් ති‍බෙනවා. අපි විවිධ රටවල් සමඟ මිත්‍රත්වය ‍ගොඩනඟා ‍ගෙන ති‍බෙනවා. නිදහසින් පසුව ‍ශ්‍රී ලංකාවේ මේ කාලය තරම් ‍ලෝක‍යේ රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන අපේ රටට හිතවත්ව කටයුතු කර නැහැ. ආදරයෙන් කටයුතු කර නැහැ කිසිදු ක‍ලෙක. කටාර් රාජ්‍යයේ එමීර්වරයා ශ්‍රී ලංකාවට පැමිණියා.

මම ඒ ර‍ටේ සංචාරය කළා. එමීර්වරයා වි‍වේක ගන්න ‍මෙරටට පැමිණීම ගැන අපි ආඩම්බර වියයුතුයි. කටාර් රාජ්‍ය‍යේ වියදමින් ලංකා‍වේ නගරයක් හදා‍දෙන බවට එතුමා මට දන්වා සිටියා. අ‍පේ ‍ලෝක‍යේ රටවල් සමඟ ති‍බෙන සබඳතා තරකර‍ ගෙන ති‍බෙනවා. පාකිස්තාන රජ‍යෙන් ජාතික නිදහස් දින‍යේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස මට ආරාධනා ලැබී ති‍බෙනවා. මම ඒ ආරාධනය බාරගත්තා.

ඉන්දියා‍වේ සමුළුකට එන්න කියා ආරාධනා ලැබී ති‍බෙනවා. ජාත්‍යන්තර විශ්වාසය ‍ගොඩනඟා‍ගෙන ති‍බෙනවා. ‍ලෝක‍යේ සියලු රටවල් අද අපි සමඟ කිසිදු මත‍භේදයක් නැහැ. මම ජනාධිපතිවරයා වී ලබාගත් ‍ලොකුම ජයග්‍රහණය තමයි රට දියුණු කරන්න ‍ලෝකයම දිනාගැනීම. අපේ රට ඉතාමා නරක තැනක සිටියා. අපිට ‍හෙට දවස ‍වෙනු‍වෙන් වගකීමක් ති‍බෙනවා. ‍

දේශපාලනයට පිරිසිදු විනයක් අවශ්‍ය ‍වෙනවා. ‍දේශපාලනයට පැමි‍ණෙන සියයට 50ක් 60ක් ඉතාම ‍හොඳයි. හිටපු මුදල් ඇමැති රවීට ‍එ‍රෙහිව පාර්ලි‍මේන්තුවට විශ්වාසභංගයක් ආවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒකට ඡන්දය දුන්‍‍නේ නැහැ කියා ති‍බෙනවා. නමුත් ඒ මහතා රවී කරුණානායක මහතාට දුරකතනයෙන් සුබ පතා තිබෙනවා. මම යමක් කියනවා නම් වගකී‍මෙන් කියනවා. එදා ඒ විවාදය තිබු‍ණේ 2016 ජූනි මස 9 දා ඒ විවාදය පැවතියා. එහි සියලු විස්තර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ ති‍බෙනවා. ‍නොපැමිණි අය‍ගේ නම් ලැයිස්තු‍වේ මහින්ද රාජපක්ෂ මහතා‍ගේ නම ති‍බෙනවා. අද ‍මේ රට දියුණු කරන්න ‍නොහැකි ‍ලොකුම ප්‍රශ්නය දූෂණය, වංචාව හා ‍සොරකමයි.

බැඳුම්කර වාර්තාව සහ වංචා දූෂණ ‍සොයා බැලී‍මේ ජනාධිපති විමර්ශන ‍‍‍කොමිසන් වාර්තාව මට ලැබී ති‍බෙනවා. ‍මේ වාර්තාව මට ලැබුණු පසුව ජනතාවට හෙළි කරන්න, ඒ සම්බන්ධ‍යෙන් විවාදයක් අවශ්‍ය බවට විවිධ ‍චෝදනා පැමිණියා. ‍මේ වාර්තාව සම්බන්ධයෙන් මම දින තුනකට පසුව ප්‍රකාශයක් කළා. මේ වාර්තා‍වේ ‍‍හෙලි ‍නොකළ යුතු කරුණු ති‍බෙනවා.

‍මේ වාර්තා ‍වේ පිටු අඩු නැහැ. ‍මෙහි ‍තොරතුරු මහජනතාවට කියන්න ඕන කීවා. ‍මොකද වු‍ණේ සද්දයක් නැහැ. ‍දෙ‍ගො‍ල්ලම කතා කර ගත්තා අපි ‍මේක විවාද ‍නොකර ඉමු කියා. මේක විවාද කළොත් දෙපාර්ශවයේම ඒවා තිබෙනවා. මේ වාර්තා මඟින් 2008 වසරේ සිට වංචා දූෂණ පැහැදිලිව සඳහන්කර තිබෙනවා. ‍මේ දෙපාර්ශ්වයම කතා වෙලා ඡන්ද‍යෙන් පසුව විවාද කරමු කියා කල් දැම්මා. ‍මේක විවාද කරගත්තා නම් ‍දෙපාර්ශව‍යේ ඇඳුම් ගැලවෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‍ලෙස පැහැදිලිව කියනවා. ‍පෙබරවාරි 10 දාට ‍පෙර හැකිනම් කොමිසන් සභා වාර්තා දෙක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කොට ජනතාවට කරුනු හෙළි කරන්න කියනවා. ඇයි වැසුවේ කියා අහනවා. අපි ‍හොඳ රටක් හදන්න උත්සාහ ගන්නවා. ‍ලෝකය සළකන්නේ ඇයි අපිට.

‍ජේ.ආර් ජයවර්ධන මහතා ‍මේ ව්‍යවස්ථා‍ව ‍ගෙනා දින‍යේ සිට සං‍ශෝධන 19ක් ‍මේ වනවිට ‍ගෙනවිත් ති‍බෙනවා. 19 වැන්න ම‍ගේ බලතළ කපාහැර ති‍බෙනවා. බලය සමඟ දූෂණය පසුපස එනවා. 18 වැනි සං‍ශෝධනය සම්මත කරගත් පසු ජනාධිපතිවරයාට විශාල බලතළ ලැබුණා. ඒ නිසා මිනිසුන් හැමවිටම දූෂිත‍යෙක් ‍නොවන්න බලය ‍බෙදිය යුතු ‍වෙනවා. ‍හොඳ පාලනයක් ර‍ටේ හදන්න දූෂණයට ‍නො‍දෙන ඡන්දයක් බුලත් ‍කොළයට ‍දෙන ඡන්දය. අ‍‍නෙක් පුද්ගලයින්ට ඡන්දයදීම දූෂිතයින් බලයට ‍ගෙනඒම ‍වෙනවා.

එවැන්නක් වුව‍හොත් ‍මේ ර‍ටේ මිනිස් ඝාතන, මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් ඝාතනය සිදු‍වෙනවා. මම ජනාධිපතිවරයා ‍වෙන්න ‍පෙර ‍දේශපාලඥයන්, හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් දුරකතන‍යෙන් කතා කරන්නේ නැහැ. මම ජනාධිපතිවරයා වූ වහාම ඒ සම්බන්ධ‍යෙන් ක්‍රියාත්මක වී ටැප් කරන යන්ත්‍ර කුඩුකර දැම්මා. මගේ විජේරාම නිවස ඉදිරිපිට හැමදාම බස්රථයක් නතරකර තිබුණා. අසල ගස්මත කැමරා සවිකර තිබුණා. එවැනි කාලයක් තිබුණා. නමුත් අද එ‍හෙම තත්ත්වයක් නැහැ.

අපිට ප්‍රශ්න ති‍බෙනවා. අපිට විශාල වි‍දේශ ණය කන්දරාවක් ති‍බෙනවා. පසුගිය වසර තුනක් ගත්විට රජ‍යේ ‍සේවකයන්ට පඩි වැඩිකළා. දියහැකි පහසුකම් දුන්නා. ‍‍මේ වනවිට අපිට නියඟයක් ති‍බෙනවා. වි‍දේශ රටවලින් සහල් ගේන්න සිදුව ති‍බෙනවා. අපි ‍හොඳ රටක්, සමාජයක් හදමු. ඒ ව‍‍ගේම සමාජය ශක්තිමත් කරමු. ජාත්‍යන්තරය මම ‍කෙ‍රෙහි විශාල විශ්වාසයක් තබා ති‍බෙනවා. එම විශ්වාසය කඩ කරන්න මම සූදානම් නැහැ. අපි නාම‍යෝජනා ‍දෙන කාල‍යේ තිබුණු තැන නෙ‍වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ති‍බෙන්නේ. නොසිතූ ‍ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උඩට පැමිණ ති‍බෙන බවට විවිධ පාර්ශ්ව කියනවා. ‍මේ මැතිවරණ‍යේ දී වැඩි ‍ගෞරවයක් අ‍පේ පක්ෂය ලබා ගන්නවා. ‍

කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීවරු 110ක් පත් ‍වෙනවා. ‍ජී.‍එල්. පීරිස් මහතා‍ගේ පක්ෂ‍යේ නගරාධිපති අ‍පේක්ෂක‍යෙක් නම්කර නැහැ. එක්සත් ජාතික පක්ෂ‍යෙන් නගරාධිපති අ‍පේක්ෂිකාවක් නම්කර ති‍බෙනවා. ‍කොළඹ නගර සභාවෙන් ජනතාව‍ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබිය යුතු වෙනවා. පත්වන නාගරික මන්ත්‍රීවරු සැමට අවශ්‍ය සම්පත් ලබා‍දෙනවා. නගර සභාවට සියල්ල අයිති ‍වෙනවා. ආණ්ඩුව සමඟ වැඩකළ හැකි පක්ෂයක් බලයට ‍ගෙන ආ යුතු ‍වෙනවා.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා - ‍කොළඹ නගර‍යේ ඉතිහාසය ‍වෙනස් කරන්නට ‍මෙවර ඡන්ද‍යේ දී හැකියාව ති‍බෙනවා. ‍මෙවර මැතිවරණය දවසින් දවස තීරණාත්මක ‍වෙමින් ති‍බෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා- මැද ‍කොළඹ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකට ‍මෙතරම් ජනතාව සහභාගි වු‍ණේ නැහැ. නමුත් අද සියලු ලාංකිකයන් එක් නායක‍යෙක් වටා ඉන්නවා. නමුත් පසුගිය කාල‍යේ මුස්ලිම්, ‍දෙමළ, සිංහල ජනතාව අතර දුරස්භාවයක් ඇති කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. දූෂණ‍යෙන් ‍තොරව, ජනතාවට ආදරය කරන එකම නායකයා ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතායි. අද සියලු ‍දෙනාම බුලත් ‍කොළය වටා එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍බොරැල්ල ආසන සංවිධායක සහ නි‍යෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා- අද වැදගත් මැතිවරණයක් ඉදිරි‍යේ අපි ඉන්නවා. අපි ‍මේ දිස්ත්‍රික්කයට ‍හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර ති‍බෙනවා.

‍‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ පුරපති අ‍පේක්ෂක අසාද් සාලි මහතා - මාස 15කට පසුව ‍මේ ජනතාවට මැතිවරණයක් ලැබී ති‍බෙනවා. මැතිවරණය කල්ගි‍යේ ඡන්ද ක්‍රමය ‍වෙනස් කර මනාප ක්‍රමයක් ඇති කළ නිසයි. ‍මනාප ක්‍රමය ‍හේතු‍වෙන් පසුගිය කාල‍යේ කොළඹ දිස්ත්‍රික්ක‍යේ මන්ත්‍රීවර‍යෙකු ඝාතනය කළා. ‍මේ තත්ත්වය ‍වෙනස් කරන්න ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා උත්සාහ කළා. ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා පත්ක‍ළේ අපි යැයි අද ඇතැමුන් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. පසුගිය කාල‍යේ හිටපු ආණ්ඩු‍වේ සාමාජිකයන් ‍සොරකම් කළා.

 බැඳුම්කර ‍සොරකම් ‍සොයන්න ‍කොමිසමක් පත්කිරීම වරදක්ද. එහි වාර්තාව ‍මේ වනවිට ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතාට බාරදී ති‍බෙනවා. පිරිසිදු පාලනයක් අවශ්‍ය නම් ජනාධිපතිවරයා‍ගේ දෑත් ශක්තිමත් කළයුතු ‍වෙනවා. ඒ මහතා‍ගේ නායකත්වය පිළි‍ගෙන ‍මේ වනවිට පක්ෂ 33ක් එක්ව ති‍බෙනවා. එක්සත් ජාතික පක්ෂ‍යේ බල‍කොටුව එළ‍ඹෙන 10 දා අපි අවසන් කරනවා. සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂ‍යේ ඡන්ද අතර ‍වෙනස 25,000යි. ‍මේ ඡන්ද සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා‍ගේ නායකත්වය යට‍තේ ‍මේ ර‍ටේ ‍වෙනසක් ඇතිකරනන් පුළුවන්.

‍හිටපු ජනාධිපති ‍ජේ.ආර් ජයවර්ධන මහතා‍ගේ මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන මහතා - ගාමිණී දිසානායක මහතා‍‍ගේ මරණ‍යෙන් පසුව එක්සත් ජාතික පක්ෂ‍යේ දර්ශනය, බලය හීනවී ගියා. ඒ දර්ශනය ‍නොමැති නිසා අද එක්සත් ජාතික පක්ෂය අතරමං වී ති‍බෙනවා. එක්සත් ජාතික පක්ෂ‍යේ තරුණයන් අසරණ වී සිටිනවා

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර, පාර්ලි‍මේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, බස්නාහිර පළාත් සභා‍වේ සභානායක ‍හෙක්ටර් ‍බෙත්ම‍ගේ, ජාතික නිදහස් පෙරමුණේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි, වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර
ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();