ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ගුණ ජය සතුට පදනම සමග එක්ව ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත දරුවන් වෙනුවෙන් සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්වී සිටී.
ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු හා විශිෂ්ට පිතිකරුවකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් මහේල මේ සත්කාරක වැඩසටහනට දායකත්වය ලබාදෙමින් ක්‍රිකට් ආම්පන්න බෑග් 50ක් බෙදා දීම හෙට (31) කොළඹ 7, ‘උපාලිස් බයි නවලෝක‘ අවන්හලේ දී පැවැත්වීමට නියමිතය.
මහේල සමග ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ප්‍රකට ඉන්දියානු ව්‍යාපාරික ශ්‍යාම් ඒ බාතියා සමග එක්ව මේ සත්කාරකත්වයට උරදෙයි.
මීට වසර 4කට පෙර ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගත් මහේල ජයවර්ධන ලොව පුරා විවිධ සමාජ සුබසාධන වැඩසටහන් රැසකට උරදුන් අතර වර්තමානයේදී දේශීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලැස්මට සක්‍රීයව දායකත්වය සපයයි.

0 Comments