Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 4කට පසුව රසාක් බංග්ලාදේශ ටෙස්ට් පිලට

 බංග්ලාදේශයේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් ශ්‍රී ලංකාව සමග හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා තිබේ. ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ ප්‍රවීණ ක්‍රීඩක ශකීබ් අල් හසන් තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර වමතේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

පළපුරුදු දඟපන්දු යවන්නකු වන අබ්දුර් රසාක් ජාතික කණ්ඩායමට යළි කැඳවනු ලැබුවේ වසර 4කට පසුවය. ඔහු මෑතකදී එරට පළමුපෙළ තරග බිමේ කඩුලු 500 සම්පූර්ණ කිරීමට සමත්වූ අතර එවැනි දස්කමක් පෑ පළමු ක්‍රීඩකයා ද විය. 35 හැවිරිදි අබ්දුර් රසාක් ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 23ක් දවාලීමට සමත්විය.

අබ්දුර් රසාක්ට අමතරව වමතින් දඟපන්දු යවන තවත් ක්‍රීඩකයකු වන සුන්සාමුල් ඉස්ලාම් සහ තුන්ඉරියව් ක්‍රීඩක ටන්බිර් හයිදර් කණ්ඩායමට එක්වී සිටිති. බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ද වන ශකීබ් අල් හසන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකිරීමෙන් මැදපෙළ පිතිකරු මහ්මදුල්ලාට නායකත්වය හිමිවී තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය හෙට චිතගොං නුවරදී ආරම්භ වෙයි.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම මෙසේය. මහ්මදුල්ලා (නායක), ටමීම් ඉක්බාල්, ලිටොන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රුල් කයිස්, මොමිනුල් හක්, මොසාඩික් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, මුස්ටාෆිසුර් රහ්මාන්, කම්රුල් ඉස්ලාම්, මෙහිඩි හසන්, රුබෙල් හොසේන්, නයිම් හසන්, සුන්සාමුල් ඉස්ලාම්, ටන්බිර් හයිදර්, අබ්දුර් රසාක්. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();