Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් ක්‍රිකට් ගොඩනඟන තුන් අවුරුදු ජාතික සැලැස්ම අරඹයි

 ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගිය කාලයේ පැවති පසුබෑම සඳහා බලපා ඇති හේතු හඳුනාගනිමින් ඒ සඳහා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මෙහෙයුම් සැලස්ම සකස් කිරීමේ කමිටුව පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික ක්‍රියාකාරී සැලැස්ම මේ වනවිට ආරම්භ කර තිබේ.

එම සැලැස්ම වසර තුනකින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි ප්‍රගති සමාලෝචනය කිරීමේ හා පිහිටුවාගන්නා ලද අනුකමිටුවල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී සාකච්ඡා කෙරිණි.

එහි දී පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පාසල් ක්‍රීඩකයන් සඳහා දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම, තෝරාගත් ක්‍රීඩාංගණ කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සංවර්ධනය කිරීම, පාසල් ක්‍රිකට් තාක්ෂණික දැනුම සංවර්ධනය, පාසල් ක්‍රිකට් තරග රටාවේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සහ ක්‍රිකට් තාක්ෂණික දැනුම සංවර්ධනය, පාසල් ක්‍රිකට් තරග රටාවේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සහ ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රිකට් භාර ආචාර්යවරුන් බලගැන්වීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වී ඇත.

මේ සාකච්ඡාවට සිදත් වෙත්තමුනි, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, ජෙහාන් මුබාරක් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයන්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධයාපන හා පුහුණු අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් හා දේශීය හා විදේශීය පුහුණුකරණ අත්දැකීම් සහිත පළපුරුදු පුහුණුකරුවන් පිරිසක් එක්ව සිටියහ.

පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික සැලැස්ම සකස් කරනු ලැබුවේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ උපදේශකවරුන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවකිනි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();