Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෙහෙළියගේ ප්‍රතිශෝධන අයැදුම්පත ප්‍රතික්ෂේප වෙයි

කුමුදු හෙට්ටිආරච්චි

රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ජී.අයි බට 600 ක් මිලට ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූ දහසක මුදලක් පාඩු කළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනා සංශෝධනයට පැමිණිල්ලට දුන් අවසරයට එරෙහිව විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (29) ප්‍රතික්ෂේප කළේය.

විත්තියේ විරුද්ධත්වය ප්‍රතික්ෂේප කර කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය නීත්‍යානුකූල බව ප්‍රකාශ කළ විනිසුරුවරයා එම ප්‍රතිශෝධන අයදුම්පත එසේ ප්‍රතික්ෂේප කළේය.

තවද ප්‍රතිශෝධන අයදුම්පතේ අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තියේ විරුද්ධත්වය ප්‍රතික්ෂේප කළ බවට සඳහන් කර ඇති දිනයේ එවැනි ප්‍රතික්ෂේප කිරීමක් හෝ නියෝගයක් සිදුකර නොමැති බවද ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();