මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් එම ධූරයෙන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා එරට එකාබද්ධ විපක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ යමීන් ජනපතිතුමා නීතිය කඩ කර ඇති බව සහ එහෙයින් ඔහු ජනපති ධූරයට දැරීමට නුසුදුසු බවය.
හිටපු ජනපතිවරුවන් මවුමූන් අබ්දුල් ගයුම් සහ මෙහොමඩ් නසීඩ් ඇතුලු මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂයට අයත් අනෙකුත් සියලු ම නායකයන් ද මෙම පෙත්සමට අත්සන් තබා තිබේ.
වංචාව, දූෂණය සහ සිය හිතවතුන්ට වාසි දායක වන අන්දමෙන් රාජ්‍ය දේපොළ අයථා ලෙස භාවිතා කිරීම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම නීතිය ආරක්ෂා නොකිරීම සහ අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීම සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වයට ගරු නොකිරීම යන වැරදි මුල් කොට ගෙන විපක්ෂය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

0 Comments