Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතිය ප්‍රමාද වුවත් සොබාධර්මය සාධාරණය ඉටු කළා

Author(s): 
දුමින්ද අලුත්ගෙදර

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගතවූ වසර අට පුරාවටම තමා කාලි මෑණියන්ට කන්නලව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහවුණු බවත් සිද්ධියට සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙරටින් පැන ගොස් ඇති බවත් ප්‍රගිත් එක්නැළිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය සඳහන් කරයි.

ඇය ඇතුළු අතුරුදන් වූවන්ගේ ඥාතින් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිට කාලි මෑණියන්ට යාඥා කරමින් ඊයේ (25දා) දේව කන්නලව්වක යෙදුණ අතර එහි දී තමනට වින කළ පසුගිය රජයේ පාලකයන්ට ස්වභාවධර්මයා විසින් දඬුවම් ලබාදෙනු ඇතැයි යන විශ්වාසයෙන් පසුවන බව ඔවුහු දේවමාතාව ඉදිරියේ සපථ කළේ ය.

අතුරුදහන් කළ තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස වත්මන් ආණ්ඩුවට බල කරන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මෙසේ ද පැවසුවාය.

ගෙවුණ වසර අට පුරාම තමන් කාලි මැණීයන්ට කන්නලව් කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ රජා බලයෙන් පහර කර මන්ද මානසිකත්වයෙන් මහ පාරට ඇද දැමීමට හැකි වූ බවත් ඇය පෙන්වා දෙයි.

සිද්ධියට සම්බන්ධ හිටපු ආරක්ෂ ලේකම්වරයා අද මෙරටින් පැන ගොස් ඇති බව ද පවසන සන්ධ්‍යා එක්නැළිගොඩ ‘අපරාධකරුවන් ලෙස අත්අඩංගුවේ පසුවන අය අද ඇත්ත නොකිව්වට, ඒ අයට ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා. ඔවුන්ගේ දේපළ විනාශ වෙලා තියෙනවා. අපි කාලිමෑණියන්ට කිව්වා ඒ අයට දඬුවම් කරන්න කියලා. අදත් අපි දවස පුරාම මෙතැන ඉදලා කියන්නේ මේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා‘ යි පවසන ඇය තම සැමියාට සිදු වූ සත්‍ය කුමක්දැයි හෙළි කරන මෙන් වත්මන් ආණ්ඩුවේ බලධරයන්ගෙන් ඉල්ලා සිටී.

මෙකී අපරාධකරුවන් රටට හෙළි කරන මෙන් වත්මන් ජනපතිවරයාට හා අගමැතිවරයාට හැකියාවක් ඇති බව ද පෙන්වා දෙන ඇය නායකයන් දෙපළ ද කාලි මැණීයන්ට හා පත්තිනි මෑණියන්ට භාර කරන බව ද පවසන්නීය.

ඡායාරූපය - කැලුම් ලියනගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();