Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපන් සමාගම් 130ක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීමට සැරසේ

ජපානයේ ප්‍රධාන ව්‍යාපාරික ආයතන එකසිය තිහක නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා මේ දිනවල දිවයිනට පැමිණ සිටිති.

මෙතෙක් ජපාන ආයතන ශ්‍රී ලංකාවට නොපැමිණියේ පසුගිය සමයේ පැවති වාතාවරණය හේතුවෙන් බවත්, තවමත් ජපන් ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය නොදැන සිටින නමුත් ඉදිරියේදී එය එසේ නොවන බව ද සභාපතිවරයා පැවසීය.

තමන් මෙරට ගතකළ දින දෙකක කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟත් සාකච්ඡා පැවැත්වූ බව හා එහිදී බොහෝ කරුණු සාකච්ඡා කළ බව ද හෙතෙම පැවසීය.

ජපාන කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති ‍ෛ‍වද්‍ය අකිඩ් මිනුර මහතා මෙසේ ද කීය.

ජපාන කර්මාන්ත හා වාණිජ මණ්ඩල සමාගම මිලියන 1.25 ක සාමාජිකයින් පිරිසක් සිටින සමාගමක්. එය ජපාන සමාගම් අතරින් තුන්වන ස්ථානය ලබාගන්නා සමාගමයි. නව රජය යටතේ ශ්‍රී ලංකාව බොහෝ දේවල් එකම වේලාවකදී කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජපාන ව්‍යාපාරිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන පළමු අවස්ථාව වෙනවා.

ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් ඉදිරියෙන් සිටින රටක්. වැඩි ආදායමක් ශ්‍රී ලංකාව තුළට ලැබෙනවා. නව රජය යටතේ ශක්තිමත් විශාල ව්‍යාපාර ආරම්භ කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට සභාපතිවරයා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ජපානය ව්‍යාපාර ආයතන 130 ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර ආරම්භ කිරීමට පැමිණෙනවා. චීනයේ එතරම් ව්‍යාපාර ආයතන මෙරට ව්‍යාපාර සිදුකරන්නේ නැහැ. නමුත් චීනයේ ආයෝජන අවස්ථා වැඩියි නේද?

සභාපතිවරයා - ප්‍රථමයෙන් රටේ පවතින තත්ත්වය හඳුනාගත යුතුයි. චීනය හා ජපානය අතර විශාල වෙනසක් පවතිනවා. ජපානය වාණිජ්‍යය කර්මාන්ත ව්‍යාපාර පමණයි වැඩි වශයෙන් සිදුකරන්නේ. නමුත් චීනය එසේ නොවේ.

සඳුන් රමේෂ්
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();