Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිවැරදි තීරණ ගන්නා සෑම අවස්ථාවකදීම රටම ජනපති සමඟ සිටිනවා

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

අලුත් හා පරණ හොරුන්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිවැරදි තීරණ ගන්නා සෑම අවස්ථාවකම රටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින බවත් ජනතා සේවක පක්ෂ කණ්ඩායම අවධාරණය කරයි .

එකම පැත්තක සිටින මේ නව හා පැරණි හොරුන්ට විරුද්ධව කටයුතු කරන එකම තැනැත්තා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බවත් හොර මැරකම් නැති සංවර්ධිත රටක් අනාගතයට දායාද කිරීම සඳහා මෙවර මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම ශක්තිමක් කරන ලෙසත් මේ පිරිස ඉල්ලා සිටී.

නිවැරදි පිරිසිදු එකම දේශපාලන නායකයා වර්තමාන ජනාධිපතිවරයා බැවින් අනාගතය සඳහා ඔහු ආරක්ෂාකර ගැනීම රටේම වගකීම බවද පෙන්වා දුන්හ .

වර්තමාන තත්ත්ව පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ජනතා සේවක පක්ෂය කොළඹ පදනම් ආයතනයේ ඊයේ ( 25) පැවැත් වු විශේෂ මාධ්‍ය හමුවේ දී මේ අදහස් පළ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා සේවක පක්ෂයේ පක්ෂයේ සම ලේකම් ෆෝසියා හසන් මහත්මිය මෙසේ සඳහන් කෙළේ ය.

ඌවේ මහ ඇමැති සම්බන්ධ සිද්ධිය පිළිබඳ දැනගත් වහා වර්තමාන ජනාධිපති නිසි ක්‍රියාමාර්ග ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම පැසසිය යුතුයි.

හිටපු ජනාධිපතිවරාය තම ලේකම්වරයා අනිසි දේ කිරීමට යෙදවීමත් එවැනි ක්‍රියා අනුමත කිරීමත් නිසා එදා රාජ්‍ය සේවකයාට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න නොහැකි තත්ත්වයක් තිබුනා. ඔහු දඬුවම් දුන්නෙ හොරකම් නොකරන අයටයි. එසේ ගැටලුවලට එදා මුහුණ දුන් එක් අයෙක් වර්තමාන ජනාධිපතිවරයා. අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන සංස්කෘතියක් සඳහා ගමන් ආරම්භකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට හා කාන්තාවන්ට සතුටු විය හැකියි.

කාන්තාවන් සම්බන්ධයෙන් නව සුරාසැල් නීතියක් ගැසට් කිරීමෙන් පසු එයින් වන හානිය දැක එම නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළායැයි සමහර කාන්තාවන් සම තැන අවශ්‍ය බව කියා පෙත්සම් ඉදිරිපත් කිරීම අප දුටුවා . කාන්තාවට අවශ්‍ය සමතැන නොවේ නිසි තැන . ඒ ස්ථානය මාතෘත්වයට ගෞරවය, කාන්තාවගේ ආරක්ෂාව හා නිදහස ඇතුලු ඇයට අවශ්‍ය සාමකාමී පාරිසරික නිදහස . සුරාසැල් නීති අවලංගු නොකළා නම් කාන්තාවත් පියා ලෙස මත් වී මහ රෑ නිවසට එන තත්ත්වයක් ඇති වීමට තිබුණා.

ඉස්ලාම් දහමේත් මා දන්නා අයුරින් අනෙකුත් ආගම්වලත් කාන්තාවගේ උතුම් බවත් ඇගේ හැසිරීම් හා ඇයට ලැබිය යුතු නිසි ස්ථානය ගැනත් සඳහන්ව තිබෙනවා.

අයුතු අනිසි ලෙස කටයුතු කරන්නන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම ගැන ජනාධිපතිවරයාට අපේ ගෞරවය පුද කරනවා.

අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙ දැන් නිසි තීරණ ගැනීමේ කාලය ඇවිත් තිබෙනවා. නිර්භීතව ඒ තීරණ ගෙන දූෂිතයින්ට දඬුවම් ලබා දෙන්න. වර්තමාන ආණ්ඩුවේ මෙන්ම මීට පෙර දූෂණ, සොරක්ම ආදියට සම්බන්ධ අලුත් හා පරණ හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප ජනාපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර නිසි තීරණ ගන්නා සෑම අවස්ථාවකම අප මෙන්ම රටම ඔබ සමඟ සිටිනවා. ඒ අනුව නිර්භීතව දූෂිතයන්ට දඬුවම් දෙන්න නැවත අල්ලස දූෂණයට ඉඩ දෙන්න එපා කියා අප ඉල්ලා සිටිනවා.

ජනතා සේවක පක්ෂයේ සභාපති විජේසේකර රත්නායක මහතා

පළාත් පාලන ආයතනයකට පැවරී ඇති කටයුතු වන්නේ මාර්ග සෑදීම ප්‍රජා සංවර්ධන කටයුතු ආදිය වුවත් ඉන් බැහැර ගොස් කතා කරන්න අද සිදුව තිබෙනවා.

ඒ අනුව අද බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂයෙන් බැඳුම්කරය පිළිබඳ විවිධ අය නොයෙක් කතා කියනවා.

ජනතා අරගල, උද්ඝෝෂණ අතර ජනාධිපතිවරයාට කොමිසමක් පත්කර සත්‍ය හෙළිකර ගැනීමට ධෛරයක් තිබීම ගැන අප සතුටට පත් වෙනවා.

මේ සියල්ල අතරේ සිටින රතු කමිසකාරයන් 2015 සිට මේ දක්නා ජාතික සභාවෙ ඉන්නවා. බැඳුම්කරය එන අවස්ථාවේ අනුර මහතා එහි ඉඳගෙන තීන්දු තීරණ ගැනීමට එක් වුනා. අදත් ඔහු ජාතික සභාවෙ සිටින අතරයි මේ කෑ ගසන්නෙ.

අද අලුත් හා පරණ හොරු එකට එක්ව සිටින්නෙ . ඊට විරුද්ධ එකම තැනැත්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණයි. මේ නිසා රට නිසි මඟට ගැනීමටත් දූෂණයෙන් තොර අනාගත සංවර්ධනය සඳහා රට ඉදිරියට ගෙන යාමටත් හැකි එකම නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙසත් සියලු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

මේ නිවැරදි නායකයා අද අනාරක්ෂිතයි. එතුමාගේ ආරක්ෂාවට විශේෂයෙන් අප යොමු විය යුතුයි. එයට හේතුව අපේ රටට වෙනත් පිරිසිදු දේශපාලන නායකත්වයක් නැතිකම. පවුල් අවශ්‍යතා මත මෙතෙක් සිටි නායකයන් කටයුතු කළේ. නමුත් මේ නායකයා පොදු ජනතාව රට ගැන සිතා කටයුතු කරන නිසා ඔහු ආරක්ෂා කර ගැනීමට රටම පෙළ ගැසිය යුතුයි.

ජනතා සේවක පක්ෂයේ ජාතික සංවිධායක හා ප්‍රචාරක ලේකම් ඉන්දික පෙරේරා මහතා

බැඳුමකර වංචාව සාමාන්‍ය සිද්ධියක් ලෙස එම මුදල් රඳවාගෙන තිබෙන බැවින් නැවත ලබාගත හැකි බව ආණ්ඩුවේ සමහර වගකිවයුතු අය පවසනවා.

රටේ වැඩි වශයෙන් කතා කරන්නෙ දේශීය ආයෝජන වලට වඩා විදේශීය ආයෝජන පිළිබඳ. මහ බැංකුවේ මෙවැනි සිද්ධියක් වී ගැටලුවක්ව තිබිය දී විදේශීය ආයෝජකයන් කෙසේ ද විශ්වාසකර මේ රටේ ආයෝජන කරන්නේ. මේ වංචාව රටේ මූල්‍ය ක්ෂේත්‍රයට මරු පහරක්. ඊටත් වඩා මෙය අපේ අනාගතයට පහර එල්ලවීමක් වීමක්.

කැපුවත් කොළ නැත්නම් නිල් හෝ රතු හෝ යන වර්ණ ගැන නොසිතා මේ අවස්ථාවේ සමස්ථ රටවැසියාටම විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. පක්ෂයට ආදරේ කිරීම පසෙක ලා අප අද කළ යුත්තේ රටට ආදරය කිරීමයි . ඒ අනුව රටේ අනාගතය ආරක්ෂාකර ගැනීමට , හොරුන්ට දඬුවම් දීමට , අප මෛත්‍රීපාල සිරිසේන මහතා ශක්තිමත් කිරීමයි මේ අවස්ථාවේ සිදුකළ යුතු වන්නේ.

මේ ගැටලු නිරාකරණය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු නොකළොත් අපි අනාවාර්යයෙන්ම ඔහුත් අතහරිනවා. මේ අවස්ථාවේ පක්ෂවලට වඩා රටට ආදරේ කරන පුළුල් අරමුණකට අප යායුතු බවද හෙතෙම පෙන්වා දුන්නේ ය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();