කතෝලික සැදැහැවතුන් අතර කිතුනු වන්දනාවේ වටිනා උරුමයන් ප්‍රකට කිරීමේ අරමුණින් සංවිධාන කරන විශේෂ ගායනා දිව්‍ය පූජාවක් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 18 ඉරුදින සවස 6.00ට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම දේව මෙහෙයට සුප්‍රකට සංගීතඥ ෂූබර්ටි විසින් රචිත' Shuberts Mass in G Major ' යන කන්තාරු ගායනා පූජාව තෝරාගෙන ඇති අතර අදාළ ගායනා තරුණ තරුණියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
විශේෂයෙන් කිතුණු දූ පුතුන් අතර කිතුනු වන්දනාවේ උරුමයන් ගායනාවෙන් ඇසීමට සැලැස්වීම සිදුකෙරෙන මේ සැදෑ සමයට කිසිදු ජාති ආගම් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගීවීමේ අවස්ථාව සලසා ඇතැයි අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් (24) සිය නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේද කීය.
කතෝලික සංඝ සභාවේ ඉතිහාසය වසර 2000ක ඈතට දිවයනවා. මේ ඉතිහාසයට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා දේවස්ථානවල සිදුවන වත්පිළිවෙත්. ඒ පිළිවෙත් වලට සංගීතය සම්බන්ධ කරගත්තා ගායනා කිරීම දෙවරක් යාඥා කිරීම යන සංකල්පයමතයි සංගීතය යොදා ගත්තේ.
ලත්නි සම්ප්‍රදායේ ලස්සන පැත්ත අපේ නූතන සමාජයට ලබා දෙන්නට. එහි ප්‍රථිඵලයක් වශයෙන් තමයි පසුගිය අවුරුදු 20 තුල කොළඹ අගරදගුරු පදවියේ සෑම මීසමකම වාගේ ආරම්භවන ලතින් භාෂාවෙන් ගායනා කරන්න පුළුවන් කොටස් ඇතුළත් කළේ. එහි තවත් පියවරක් ලෙසයි නැවත වරක් සුවිශේෂී සංගීතඥයින් විසින් නිර්මාණය කරන ලද ලතින් සම්ප්‍රදායට අනුව අපේ නව පරම්පරාවට අසන්න සැලස්වීම කළේ.එය තමයි 2016 වැඩ සටහන ලුඩ්රික් වැන්ඩේට් ටෝවන් කියන සංගීතඥයාගේ සීමයින දිව්‍ය පූජාවේදී අපි ගායනා කරන්න සැලැස්සුවේ.
2017 දී මොස්සාඩ් කියන සංගීතඥයාගේ කොරනේෂන් මාස් (රජුන් ඔටුනු පැළදවීමේ පූජාව) ගායනා කරන්න සැලැස්සුවා. මේ වසරේ අපි ටූ බර්ටි කියන සංගීතඥයාගේ දිව්‍ය පූජාව මාසික් ඩිනේජ කියන එක ගායනා කරන්න සැලැස්සුවා.
මෙවර අපි සිංහල දෙමළ ගායනා සම්ප්‍රදායට පහරදීමක් හැටියට නොවේ ලස්සන අත්දැකීමක් ලෙස පවත්වනවා. එයට ග්‍රෙගරි රෝස් කියන එන්ගලන්ත ජාතික එකෙස්ට්‍රාව මෙහෙයවන අධ්‍යක්ෂවරයාගේ නායකත්වයෙන් ශිල්පීන් 100 පමණ සහභාගී වෙනවා. එයට පූිවීන ගායන ශිල්පීන් පිරිසක් හා පාසල් දරුවන් හා මීසම් ගායන කණ්ඩායම වල සංයුතියෙන් ෆැන්සිස් අල්මේදා මහතාගේ නායකත්වයෙන් යුතු ගායනා කණ්ඩායමක්ද දිව්‍ය පූජා යාගයට සහභාගි වෙනවා.ඔකෙස්ට්‍රාව මෙහෙයවනු ලබන්නේ කේම්බ්‍රිජ් මියුසික් සොසයිටිහි ලක්ෂ්මන් ජෝශෆ් ඩී තිසේරාමහතාගේ නායකත්වයෙනි. ඔවුන් සමග එන්ගලන්ත ජාතික ග්‍රෙගරි රෝස් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් සමන්විත වන බව කී අගරදගුරුතුමා මේ සඳහා සංගීතයට ආදරය කරන සියළුම දෙනාට ආරාධනා කරන බවද ඒ වෙනුවෙන් කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සැමට සහභාගීවන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූපය චමින්ද නිරෝෂන

0 Comments