Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘බියෝන්ඩ් බයෝටෙක් 2018 වෛද්‍ය සම්මන්ත්‍රණය’ ඇරඹේ

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

ජීව විද්‍යා සේවා සඳහා නව මාවතක් ලොවට විවර කරමින් “බියෝන්ඩ් බයෝටෙක් 2018 පුරෝගාමී වෛද්‍ය සම්මන්ත්‍රණය“ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සතු ඩී.එන්.ඒ. පරීක්ෂාව මගින් රෝග විනිශ්චය කිරීමේ සුවිශේෂි සේවාව ඉන්දියානු උප මහද්වීපය තුළ ව්‍යාප්තව ඇති රෝහල් වෙත සැපයීම සඳහා “ක්‍රීඩන්ස් ජෙනෝමික්ස්“ පෞද්ගලික සමාගම පත්කරමින් එම ජයග්‍රාහී අවස්ථාව සමරමින්ස් මෙම සම්මන්ත්‍රණය පැවැත්විමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම සුවිශාල වෛද්‍ය සේවා යටිතල පහසුකම් දියත් කෙරෙන අතර එම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව මෙම සම්මන්ත්‍රණයේ විශේෂඥ දොස්තර වාස් ඥානම් මහතා සඳහන් කළ අතර ක්‍රීඩන්ස් ජෙනෝමික්ස්“ සමාගම ශ්‍රී ලංකාව සතු සුවිශේෂ විද්‍යාත්මක වෛද්‍ය තාක්ෂණ හා තොරතුරු තාක්ෂණ හැකියාවන් ලොවට දායාද කිරීම සමාගමේ හා තමාගේ මෙන්ම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව මෙහිදී පෙන්වා දුන්නේ ය. මෙම ජයග්‍රහණය තමන් හා පොදුවේ “ක්‍රීඩන්ස් ජෙනෝමික්ස්“ සමාගමේ සියලු දෙනාගේ හැකියාවන් මගින් ලද ජයග්‍රහණයක් බවද සඳහන් කළේ ය.අනාගතයේ දී මෙම සේවාව මගින් රටට හා සියලු මනුෂ්‍ය සමූහයාට ගුණාත්මක සේවා ලබාදීම තම අභිප්‍රාය බවද පෙන්වා දුන්නේ ය.

මෙමගින් ලබන නිපුනත්වය මගින් වෛද්‍ය සේවා පදනම් වූ සංචාරක ක්ෂේත්‍රය මෙරට වඩා වර්ධනය කර ගැනීමට හැකි වෙතැයි අපෙක්ෂා කෙරේ.

මේ අනුව ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් ආයතනය ගොඩනඟා ගෙන ඇති සිවිශේෂී විද්‍යාත්මක නිපුණතාවයන් , අති නවීන තාක්ෂණය හා යටතල පහසුකම් හා එම ආයතනය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල සහ නව නිපැයුම් එළිදැක්වීම ද මේ සම්මන්ත්‍රණයේ එක් අරමුණකි.

එමගින් ශ්‍රී ලංකාවට වන පිළිගැනීමත්, හැකියාවත් මත රාජ්‍ය අනුග්‍රහය, සැලසුම් සම්පාදනය, විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍රෙය් ඇති සියලු වැදගත් කොටස් එක් අරමුණක් ඔස්සේ ඒකරාශී කිරීමද මෙහි එක් අරමුණකි.

දොස්තර වාස් ඥානම් මහතා බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවා ආයතනයේ දී ජාන විද්‍යාව හා සුවිශේෂ පරිගණක තාක්ෂණය පිළිබඳ ලබාගත් අත්දැකීම් මත ශ්‍රී ලංකාව ඇතුලු සියලු මනුෂ්‍යයාට මෙම සෞඛ්‍ය සේවාව ලබා දීමට යොමුව තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();