Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නොබිව් කිරි පොඩිත්තක් පුඩුව අග නැවතිලා, කෙසේ එය දැනගන්නේ පිළිකාව ලියලලා

සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් හිතට ගොඩක් තදින් කාවදිනවා.
ඒ විදිහට ඡායාරූපයකට ලියවුණු අපූරු සටහනක් අපිට හමුවුණා.

මේ එම සටහනයි..

“අම්මෙ මට බඩගිනියි,
කිරි ඕන” කිය කියා…
කිරි බිව්වේ මම නුඹගෙ,
සුදු පපුව උර උරා…

නොබිව් කිරි පොඩිත්තක්,
පුඩුව අග නැවතිලා…
කෙසේ එය දැනගන්නෙ,
පිළිකාව ලියලලා…

” නාඩන්න සුදු අම්මෙ
නපුරු සිතුවිලි සිතා…
කිසි දෙයක් වෙන්නෙ නෑ 
මම නුඹගේ සුදු පුතා…”

“කපනවලු සුදු පුතේ
කිරි දුන්න මේ පපුව…
ගැහැනියක ලස්සනක් 
නෑ නේද ඉන් පසුව…”

කොන්ඩෙ නැති සුදු මුණ,
පුර හඳත් පරාදයි…
දුක් වෙන්නෙපා අම්මෙ,
අපි ටිකක් ප්‍රමාදයි…

“කරුමයක් මම කෙරුව පෙර බවයෙ මම දනී…
අම්මෙ ඒ නුඹ නෙවෙයි 
පව් කාරයා මම වෙමි…”

27072942_1648630041885456_1728291966248205361_n



from Gossip Lanka News & Video http://ift.tt/2EcO3Rn
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();