Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයන් පාලනයකින් තොරව ණය ගැනීම පාලනය කරන්න පනතක් ගෙන එනවා

අගමැති රනිල් වික්‍රමසිංහ

රජයන් පාලනයකින් තොරව ණය ගැනීම පාලනය කිරීම සඳහා “ණය වගකීමෙන් පාලනය කිරීමේ“ පනත ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (28) කෑගල්ල නගර මධ්‍යයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිණි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ඇමැති කබීර් හෂීම් මහතා සංවිධානය කළ මෙම ජන රැලිය මැති ඇමැතිවරුන්, දේශපාලනඥයන් සහ අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

පසුගිය රජයේ ලබාගත් විශාල ණය ප්‍රමාණය ගෙවා දැමිමට වත්මන් පාලනයට සිදුවූ බවද කී අග්‍රාමාත්‍යවරයා දුර්වලව පැවැති ආර්ථිකය කඩා නොවැටී ශක්තිමත් කිරීමට පියවර ගත් බවද කීය.

විශාල ණය ප්‍රමාණයක් ගෙවමින් ජනතාවගේ වැටුප් වැඩි කර බඩු මිල අඩු කළ බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා මේ වන විට ණය ගෙවීමට හැකි තත්ත්වයට ආදායම පවතින බවද කීය.

ණයක් ගෙවීමට නොහැකි වූ විට ඇතිවන තත්ත්වය පිළිබඳව ව්‍යාපාරිකයන්ට මනා අවබෝධයක් තිබෙන බවද ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ආදායමෙන් ණය ගෙවමින් අලුත් වැඩ සටහන්වලට අවශ්‍ය නම් ණය ලබාගමු යයි ප්‍රකාශ කළේය. දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූ විට අලුත් ණය ගෙවීමට හැකි යයිද කී අග්‍රාමාත්‍යවරයා තේරුමක් නොමැතිව ණය ගැනීම වැළැක්වීම සඳහා නව පනතක් ගෙන එන බවද කීය.

විශාල ලෙස පසුගිය රජය ලබාගත් ණය ප්‍රමාණය අනාගත පරපුරට භාර නොදී තම පාලන කාලය තුළ ගෙවා දැමීම අරමුණ යයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය. හම්බන්තොට වරායේ ගැටලුව විසඳුවා සේ මත්තල ගුවන්තොටුපොළේ ගැටලුවද අගෝස්තු මාසයේ විසඳන බව කී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කර්මාන්ත ශාලාවන්හි සේවය කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට මේ වර්ෂයේදි විශාල මුදලක් යොදවන බවද ප්‍රකාශ කළේය.

උපාලි කරුණාරත්න, සබරගමු සමූහ, බුලත්කොහුපිටි සමූහ සහ කෑගල්ල දිස්ත්‍රික් සමූහ
ඡායාරූප- හිරන්ත ගුණතිලක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();