කොළඹ වෙස්ලි විදුහල සමග පැවැති අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්රිකට් තරගයේදී සාන්ත ජෝශප් විදුහලේ ආරම්භක පිතිකරු රෙවාන් කෙලී සමග එක්වූ අංක 3 පිතිකරු නිපුන් සුමනසිංහ දෙවැනි කඩුල්ලට ත්රිත්ව ශතක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. මෙය සාන්ත ජෝශප් විදුහල් ක්රිකට් ක්රීඩකයන් දෙදෙනකු විදුහල වෙනුවෙන් පැවැත්වීම ඉහළම සබඳතාව ලෙසද වාර්තා විය.
ජෝශප් විදුහල් පිටියේ පැවැති මේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර පළමු ඉනිමේ ජය සා.ජෝශප් විදුහල සතුවිය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සා.ජෝශප් ක්රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 393ක් රැස්කළේය. විශිෂ්ට පිති හරඹයක් දියත් කළ රෙවාන් කෙලී ලකුණු 182ක් රැස්කළේ පන්දු 229කදී හතරේ පහර 15කින් හයේ පහර 3කින් ඉනිම සරසා ගනිමිනි.
හතරේ පහර 19ක් සමගින් නොදැවී ලකුණු 156ක් රැස්කළ නිපුන් සුමනසිංහ ඊට වැයකළේ පන්දු 186ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ වෙස්ලි විදුහල පළමු ඉනිම ලකුණු 336ක් රැස්කළේය. හසිත් ගීසර ශතකයට ලකුණු 3ක් පසුපසින් සිටියදී දැවී ගිය අතර තිසුරක අක්මීවන ලකුණු 67ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 6ක් දවා ගත්තේය.
සා.ජෝශප් පළමු ඉනිම - 393/2 (ඕවර 75.5) රෙවාන් කෙලී 182, නිපුන සුමනසිංහ නොදැවී 156 සහ දෙවැනි ඉනිම - 143/2 (ඕවර 28.5) රෙවාන් කෙලී නොදැවී 75
වෙස්ලි පළමු ඉනිම - 336 (ඕවර 88) හසිත් ගීසර 97, තිසුරක අක්මීවන 67 (දුනෙත් වෙල්ලාලගේ 80/6)
මහීෂ් තීක්ෂණ සා.බෙනඩික්ට් දිනවයි
මහීෂ තීක්ෂණයේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අම්බලන්ගොඩ ධර්මශෝක විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 60 ජයක් අත්කර ගැනීමට කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහල සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ධර්මාශෝක පිල ලකුණු 86කට සීමාකළ බෙනඩික්ට් ක්රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 300ක් රැස් කළේය. ලකුණු 214ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ධර්මාශෝක විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 154ක් පමණි.
තුන් ඉරියව් දස්කම් දැක්වූ මහීෂ තීක්ෂණ ලකුණු 120ක් රැස්කළ අතර පන්දු යැවීමෙන් කඩුලු 5ක් බිඳ දැමිමට සමත් විය.
0 Comments