Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුෂාන් විමුක්ති යුද හමුදාවට පළමු ජය ගෙනෙයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

දුෂාන් විමුක්තිගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින යුද හමුදා ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණ වාර්තා කිරීමට ඊයේ සමත් විය.

පනාගොඩ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී පිල ලබාගත් ලකුණු 224 ට පිළිතුරු ලෙස යුද හමුදාව පළමු ඉනිමට ලකුණු 369ක් රැස් කළේය.

ලකුණු 145ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු එන්.සී.සී පිල ලකුණු 235කට දැවී ගියේ යුද හමුදාවට ලකුණු 91ක ඉලක්කයක් ලබාදෙමිනි.

එම ඉලක්කය හඹාගිය යුද හමුදාව කඩුලු 4ක් දැවී ජය හිමිකර ගත්තේය. එන්.සී.සී දෙවැනි ඉනිම බිඳ දැමූ දුෂාන් විමුක්ති මෙවර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළේ ලකුණු 108කට කඩුලු 9ක් දවා ගනිමිනි.

ජයග්‍රාහී යුද හමුදා පළමු ඉනිමේදී විශිෂ්ට පිති හරඹයක නිතර වීමට ඩිල්ෂාන් ද සොයිසා සමත්වූ අතර අවාසනාවන්ත ලෙස ඔහුට ශතකය අහිමිවීයේ ලකුණු 3ක් අඩු වීමෙනි. ඉනිම නිමාවනතුරු පිටියේ රැදී සිටි ඔහු නොදැවී ලකුණු 97ක් රැස් කළේ පන්දු 208කදී හතරේ පහර 9ක් සමගිනි.

මේ අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලකුණු 126කින් පරාජයට පත්කළ ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයන්ද මෙවර තරගාවලියේ පළමු ජය හිමිකර ගැනීමට ඊයේ සමත් විය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පළමු ඉනිම ලකුණු 120කට සීමාකළ වරාය ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 233ක් රැස් කළහ. ලකුණු 113ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ වරායට ලකුණු 272ක ඉලක්යක් ලබාදුන් අතර එම ඉලක්කය හඹාගිය වරාය ක්‍රීඩකයන් සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 145ක් පමණි. ජයග්‍රාහී ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 102ක් රැස්කළ අතර දිනුක වික්‍රමනායක (42/6 හා 22/4) කඩුලු 10ක් දවාලීය.

මේ අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී සී.සී.සී පිල සහ රාගම පිල අතර තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවය.

එම තරගයේ පළමු පන්දුවට පහරදුන් සී.සී.සී. පිල ලකුණු 273ක් රැස්කළ අතර රාගම පිල ලකුණු 345ක් රැස් කළේය. සී.සී.සී පිල දෙවැනි ඉනිම ලකුණු 237ක් රැස්කළේ රාගමට ලකුණු 166ක ඉලක්කයක් ලබාදෙමිනි. තරගය නිමාවනවිට එම ඉලක්කය හඹාගිය රාගම පිල කඩුලු 3ක් දැවී ලකුණු 76ක් රැස්කර තිබිණි.

රාගම කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න මෙවර තරගාවලියේ පළමු ශතකය ලෙස ලකුණු 166ක් රැස් කිරීමට සමත් විය. පන්දු 258කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් හා හයේ පහර 2කින් වර්ණවත් විය. සී.සී.සී ක්‍රීඩා සමාජයේ ලසිත් අබේරත්න ශතකයට ලකුණු 4ක් පසුපසින් සිටියදී අවසනාවත් ලෙස දැවී ගියේය.

 

එන්.සී.සී.-යුද හමුදාව

එන්.සී.සී. පළමු ඉනිම - 224 (ඕවර 59.2) ඇන්ජලෝ පෙරේරා 80 සහ දෙවැනි ඉනිම - 235 (ඕවර 71) මහේල උඩවත්ත 52 (දුෂාන් විමුක්ති 108/9)

යුද හමුදා පළමු ඉනිම - 369 (ඕවර 106.1) ඩිල්ෂාන් ද සිල්වා නොදැවී 97, ජානක සම්පත් 79, ලක්ෂිත මදුෂාන් 71 (ලසිත් ඇඹුල්දෙණිය 105/3) සහ දෙවැනි ඉනිම - 94/4 (ඕවර 19.4) ජානක සම්පත් නොදැවී 50

ද්‍රවිඩ සංගම් -වරාය

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 120 (ඕවර 44.5) (අකලංක ගනේගම 35/5) සහ දෙවැනි ඉනිම - 384/6 (ඕවර 95) මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 102, තරංග පරණවිතාන 78, ජීවන් මෙන්ඩිස් 72 (මදුක ලියනපතිරනගේ 86/3)

වරාය පළමු ඉනිම -233 (ඕවර 54.2) ගිහාන් රූපසිංහ 89, ඩී.කොම්ප්ටන් 56 (දිනුක වික්‍රමනායක 42/6) සහ දෙවැනි ඉනිම - 145 (ඕවර 148) ප්‍රශාන් වික්‍රමසිංහ 53 (දිනූක වික්‍රමනායක 22/4, ජීවන් මෙන්ඩිස් 38/4) 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();