මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත පෙට් ස්කෑනර් යන්ත්‍රය ගුවනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ “සීමන්ස්” වෙළෙඳ සමාගමෙන් යන්ත්‍රය මිල දී ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පිළිකා රෝගය ඉතා සියුම් අවස්ථාවේ දී යන්ත්‍රයෙන් සිදු කරන පරීක්ෂණයක් මඟින් හඳුනා ගත හැකි අතර මසකට ස්කෑන් 100කට වැඩි සංඛ්‍යාවක් මෙමඟින් සිදු කළ හැකිය. මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. “කදීජා” පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සිදුකෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ “සීමන්ස්” ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගෙන ඇත.

0 Comments