පසු ගිය 20දා කතරගම පොලිසියේ කොස්තාපල්වරයකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ කතරගම නාගහවිදියේ තරුණයාගේ දරුවාට හා බිරියට නව නිවසක් ඉදි කිරීමට ඊයේ (25) මුල් ගල් තැබීය.
පොලිසියේ මුලික අනුග්‍රාහක දායකත්වයෙන් මෙම නව නිවස ඉදිකිරීම ආරම්භ කර තිබේ.
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ‍්‍රී අභීණවාරාමාධිති ශ‍්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමියන්ගේ අනුශාසන පරිදි මෙම නව නිවස රුපියල් ලක්‍ෂ 40ක වියදමින් ඉදි කිරීමට නියමිතය.
මෙම නව නිවස ඉදිකිරීමේ අවස්ථාවට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ‍්‍රී අභිණවාරාමාධිපති ශ‍්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමියන් වැඩම කර ආගමික කටයුතු සිදු කළ අතර දකුණු පාළත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතල්, තංගල්ල සහාකාර පොලිස් අධිකාරි අතුල ද සිල්වා, හම්බන්තොට සහාකාර පොලිස් අධිකාරි බී. එම් එම් දසනායක, කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් යන මහත්වරුන් නව නිවසට මුල් ගල්තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මිය ගිය නිරෝෂන් මහතාගේ බිරිය චාතුරිකා සඳමාලි මහත්මියගේ හා නිරෝෂන් මහතාගේ 3 හැවිරිදි පුතාගේ සුරතින් මුල් ගලක් තැබීම විශේෂයකි. සියලූම අංශ සම්පර්ණ පහසුකම් වලින් මෙම නිවස ඉදි කිරීමට නියමිතය.
කතරගම සංචාරක කේ. ඩි. දේවප්‍රිය
සෙල්ල කතරගම එම්.එන්.පියරත්න
කතරගම එම්.කේ.නන්දසේන

0 Comments