Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංඝබෝධි නව ගොඩනැගිල්ල ජනපති අතින් අද සිසු අයිතියට

නිට්ටඹුව සංඝබෝධි මහා විදුහලේ බලවත් අවශ්‍යතාවක් සපුරමින් රුපියල් ලක්ෂ 260 ක වියදමින් පන්සියයකට අධික සිසු දරු දැරියන්ට සිප්සතර හැදෑරීම සඳහා ඉදිකළ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් ගොඩනැගිල්ල සිසු දරු දැරියන්ට පැවරීමේ උත්සවය අද (26) සවස 3ට නිට්ටඹුව සංඝබෝධි මහා විදුහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහත්ත රජමහා විහාරාධිපති, අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරාධිපති මල්වතු මහා විහාර මහෝපාධ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් හා දායකත්වයෙන් ඉදිකළ නව ගොඩනැගිල්ල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිසු අයිතියට පැවරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();