* අපේ රට ලෝකයේ අනෙකුත් රටවල් මට්ටමට ගෙන එන්න බැරි දූෂිත දේශපාලනය නිසයි
* පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් තම ධූර කාලය උපරිමයෙන් යොදවනවා
තම පවුලේ අය රටේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරුවලට පත්කර ගනිමින් ඥාති සංග්‍රහයට මුල්තැන දී රාජ්‍ය දේපළ සොරා කෑ සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් ඒකාධිපතිවාදය සහ පවුල්වාදය වැපිරූ පාලනයක් යළි රටේ ඇති කරමින් රට ආපස්සට හැරවීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
අපේ රට ලෝකයේ අනෙකුත් රටවල් මට්ටමට ගෙන ඒමට නොහැකි වී ඇත්තේ දූෂිත දේශපාලනය හේතුවෙන් බව පෙන්වා දෙන ඒ මහතා පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් තම ධූර කාලය තුළ උපරිම වගකීම් ඉටුකරන බවද යහපත් රටක් සහ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් දූෂණයට එරෙහි සටන එළැඹෙන පෙබරවාරි මස 10 වැනිදායින් පසුව ආරම්භ කරන බවද පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇළහැර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් බකමූණ සහ අත්තනකඩවල ප්‍රදේශවලදී පෙරේදා (24) පැවැති ජනහමුවලට එක්වෙමිනි."රටේ බලයත් ගමේ බලයත් නිදහසට" යන්න තේමාව කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරයි.
මෙහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
ඇළහැර, බකමූණ ප්‍රදේශවලට ඒමට හැකිවීම ගැන සතුටු වෙනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කය අපේ රටේ පැරැණිම ගොවිජනපද නියෝජනය කරනවා. මේ දිස්ත්‍රික්කයේ සියයට 99ක් ගොවි ජනතාව ඉන්නවා. ඩී.එස් සේනානායක මහතා එහි නිර්මාතෘවරයායි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා මේ දිස්ත්‍රික්කයට අවශ්‍ය ජනපද යෝජනා ක්‍රමයක් සමඟ ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කළා. ඩඩ්ලි සේනානායක මහතා අවිහිංසාවාදී නායකයෙක්. ඒ මහතා මියයන විට බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 460යි. සිරිමාවෝ මැතිනිය තමාගේ වතුපිටි අක්කර දහස් ගණනක් තමාගේ ආණ්ඩුව විසින්ම ජනතාවට පරිත්‍යාග කළා. එදා ඒ ශ්‍රේෂ්ඨ නායකයන් රටට හා දේශපාලනය ආදර්ශයක් දුන්නා. අපි අපේ රටේ අද තත්ත්වය ගන්නා විට ලෝකයම දිනාගෙන ඉන්නවා.
මම ජනාධිපති වෙලා මොනවාද කළේ කියා ඇතැමුන් අහනවා. මම ජනාධිපති වෙලා මට ඡන්දය දුන්න ජනතාව හමුවන්න ගියේ නැහැ. ස්තුති කරන්න ගියේ නැහැ. ඊට වඩා කාර්යයක් මට පැවරී තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින්න වසර දෙකක් තිබිය දී ඡන්දයකට ගියේ ඇයි. ඡන්දයට යන්න එපා කියා කිවුවා. අපි කියූ දේ අහන්නේ නැතිව ඡන්දයකට ගියා. මම ලිපියකින් ඡන්දයකට යන්න එපා කියන විට පොදු අපේක්ෂකයා බව මම දන්නේ නැහැ. අපේ රට විශාල තර්ජනයකට මුහුණ දී සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 194ක් ඉන්නවා. අපි ආණ්ඩුව ගන්නා විට ආණ්ඩුවට හිතවත් රටවල් පහක් හෝ අපිට හිටියේ නැහැ. යුද්ධයත් සමඟ රටේ වංචාව, දූෂණය, පවුල්වාදය සමඟ අයහපත් දේශපාලන තත්ත්වයක රට තිබුණා. මම ලෝකයේ නායකයන් හමුවන්න ගියා.
මම මගේ රටේ ආණ්ඩුවක් හැදුවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන බව කිවුවා. අතුරුදන්වීම්, ඝාතන නැහැ කිවුවා. පවුල්වාදයට ඉඩ දෙන්නේ නැහැ කිවුවා. ඒ නිසා අපිට සහාය දෙන ලෙස ඉල්ලුවා. ඔවුන් මම කියූ දේ පිළිගත්තා. ලොව පිළිගත් රාජ්‍ය නායකයන් දෙදෙනෙක් මේ වනවිට අපේ රටේ සිටිනවා. මෙවැනි ආකාරයට ලොව රාජ්‍ය නායකයන් එකපෙළට කිසිඳු කලෙක ආවේ නැහැ. අපිට අද ලෝකයේ තිබෙන සහාය ඉහළයි. ලෝකයේ සෑම රටකටම ගියාම සියල්ලට උදව් ගන්නවා. මේ රට එදා තිබූ තත්ත්වය නොදැනුනත් එක්සත් ජාතින්ගේ සංවිධානය, යුරෝපා හවුල අපිට ආර්ථික සම්බාධක දාන තැනට පැමිණ තිබුණා. බදු නිදහස ඉවත් කර තිබුණා. එලෙස මේ රට බරපතළ අර්බුද හමුවේ තිබුණා. මගේ රණවිරුවන් මේ රටේ වැරැදි තිබෙනවා නම් මම බලාගන්නම් කියා ජාත්‍යන්තරයට මම කිවුවා. මුළු ලොවම මගේ ඉල්ලීම පිළිගත්තා. ඒ අතර අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා.
බලයට පත්වූ නායකයෙක් තමාට පැවරෙන බලතල ඉවත් කර නැහැ. මම ඒ දේ කළා. පොලිස්පති, නීතිපති, අගවිනිසුරු පත්කළේ ජනාධිපති. මම ඒ අසීමිත බලතල සියල්ල පාර්ලිමේන්තුවට දුන්නා. මම ඒ ව්‍යවස්ථාව වෙනස් කළා. සමහර අය තමාගේ කාලයෙන් පසුව බලය ඉවත් කර තිබෙනවා. මුළු ලොවටම ඒ ආදර්ශය මා දී තිබෙනවා. සාම සාධක ආරක්ෂක සේවයට අපේ රණවිරුවන් අද වනවිට යනවා. ඒ තත්ත්වයට මම අපේ රණවිරුවන් පත් කර තිබෙනවා. අපි රණවිරුවන් දඩයම් කරනවා කියනවා. 2010 මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඡන්දය ඉල්ලූ සරත් ෆොන්සේකා මහතාට බොරු චෝදනා දාලා ජම්පරය ඇන්දුවේ අපිද. රණවිරු දඩයම ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ බේරා ගත්තේ මමයි. නැතිනම් ලෝකයෙන් පැමිණ නඩු අහනවා. විදෙස් විනිසුරුවන් එනවා. ආර්ථික අර්බුදය, විදේශ ණය ආදිය නිසා බරපතළ තැනක අපේ රට තිබුණා. මම ඒ සියල්ල නිදහස් කරගෙන තිබෙනවා.
එදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ක්‍රීඩකයා මරා දැම්මා. මහා සංඝරත්නය කියන දේ අහන්න කියා රාජපක්ෂ මහතා මට කියනවා. මහා සංඝරත්නය කියන දේ ඇහුවේ නැත්තේ කවුද. මහනුවර වැව රවුමේ කුමාරවරු රවුම් ගහන්න, රේස් පදින්න ගියාම අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ මහා නාහිමිවරු ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා මේ බෞද්ධ පුරවරයේ මෙවැනි දේ කරන්න එපා කියා. ඒවා ඇහුවේ නැහැ. මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම්වලට වඩා දරු සෙනෙහස ලොකුයි. එක මස්සිනා කෙනෙක් රුසියාවේ තානාපති. අනෙක් මස්සිනා අමෙරිකාවේ තානාපති .තවත් කෙනෙක් ශ්‍රී ලන්කන් සභාපති. තවත් අයෙක් ගුවන් සේවා අධිකාරියේ සභාපති. ඥාති සංග්‍රහ ලැයිස්තුව එළි වෙනකල් කියන්න පුළුවන්. එහෙම මේ රට තිබුණේ. සුන්දර සංවර්ධනය අස්සේ තිබුණු දූෂණය, නාස්තිය, හොරකම දන්නවා. මම පත්කළ කොමිසන් සභා දෙකක වාර්තා ඊයේ පාර්ලිමේන්තුවට දැම්මා. මේවායේ කවුද මිනිස්සු කියා සඳහන්ව තිබෙනවා. ජී.එල් පීරිස් මහතාගේ පක්ෂයට ඡන්දය දීලා මේවා සමඟ ආයෙත් රට සිටි තැනට යනවාද. නැතිනම් රට ඉදිරියට යනවා ද. මේ රටේ ජනතාවට අවශ්‍ය මාධ්‍යවේදීන් මහමඟ මරා දමන රටක්ද. වංචාව, දූෂණය රජකරන සමාජයක් ද. මේ සියල්ල සමඟ පිරිසිදු රාජ්‍ය පාලනයක් මේ රටේ ගෙන යායුතු වෙනවා.
වංචාව, දූෂණය, නාස්තිය එදා ශ්‍රී ලංකා නිඳහස් පක්ෂයේ ප්‍රතිපත්තියේ තිබුණේ නැහැ. මම වසර 50ක් පමණ ශ්‍රී ලංකා නිඳහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මට මේ පක්ෂයේ සභාපතිකම බාර ගන්න කියා ආරාධනා කළා. මම බාර ගත්තා. එදා කිවුවා නම් වෙනත් පක්ෂ හදනවා කියා. එහෙම කිවුවා නම් මම ඒ සභාපතිකම බාර ගන්නේ නැහැ. එදා නායකයෝ මොනතරම් ආදර්ශයක් රටට දුන්නා ද. රුපියලක් වත් හොරකම් කළේ නැහැ. ඩී.එස් සේනානානයක, බණ්ඩාරනායක මහත්වරු සිරිමාවෝ මැතිනිය පිරිසිදු පාලනයක්, ආදර්ශයක් රටට දුන්නාද. ඒවා සියල්ල රටේ විනාශ වුණා.
මේ රට විනාශ කළේ දේශපාලනඥයන්. බලයට පැමිණ සාක්කු පුරවාගෙන සොරකම් කොට, පවුල් වාදය, ඥාති සංග්‍රහ කොට හොරකම් කළා මහා විනාශයක් රටට කළා. එක් පක්ෂයක් නොවේ. සෑම පක්ෂයකම සියයට 30ක් 40ක් මෙලෙස වැරැදි වැඩ කළා. සෑම පක්ෂයකම අවංක පිරිසක් ද ඉන්නවා. අපිට කියනවා රට වික්කා කියා. ගෝල්ෆේස් හෝටලය හදා තිබෙන තැන අක්කර 6ක් සින්නක්කරව දුන්නා. හමුදා මූලස්ථානය තිබෙන තැන විකිණුවා. යුද්ධයක් කළ රටක ශ්‍රේෂ්ඨ හමුදා විරුවන් සිටින රටක හමුදාවට අද හමුදා මූලස්ථානයක් නැහැ. අද තැන තැන කුලී ගෙවමින් කටයුතු කරනවා. මාසයට දස ලක්ෂ 43ක් කුලිය ගෙවනවා. ඒ අක්කර 6 සින්නක්කර දෙන්න හදිස්සිය කුමක්ද. මේ රටේ රණවිරුවන්ට ඉන්න තැන තිබුණු එක නැති කරනවා ද. කොළඹ වරාය නගරය අක්කර 240ක් චීනයට සින්නක්කර දෙන්න පළමු ගිවිසුම අත්සන් කර තිබුණා. නමුත් දෙවැනි ගිවිසුමට මම අත්සන් කරන්නේ නැහැ කිවුවා. මේ රටට විශාල ආයෝජනයක් වුවත් මම සින්නක්කර දෙන්න අත්සන් කරන්නේ නැහැ. එදා රජ දවසේ සිට වසර දහස් ගණනක් පුරා මේ රටේ භූමිය ඔප්පුවකින් විදේශයට දුන් කෙනෙක් ඉතිහාසයේ නැහැ. එහෙම දුන්න කෙනා අපිට රට විකුණනවා කියනවා.
මගේ කතාවට වරාය නගර ගිවිසුම වෙනස් කළා. එලෙස අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාව නොමඟ යවා තිබෙනවා. මෙවැනි යෝජනා මේ ආණ්ඩුවේත් අනෙක් පාර්ශ්වයෙන් පැමිණෙනවා. මම කැබිනට් මණ්ඩලයේ දී ඒවා ගැන කියනවා. වසර තුනක් මම ආණ්ඩුවේත් එවැනි යෝජනා පැමිණි පසුව මම සටන් කරනවා. මම මේ පුටුවේ හිටියේ නැතිනම් මේ රට කොතැනද කියා මම දන්නවා. කාන්තාවන්ට අරක්කු ගන්න, විකුණන්න 1906 සුද්දන් දැමූ නීතිය වෙනස් කළා. සුද්දන්ට තේරුණු දෙය මේ හාදයින්ට තේරෙන්නේ නැහැ. මේ නීතිය වෙනස් කළා. මම කිවුවා මේ රටේ සංස්කෘතිය තේරුම් ගන්න. මේ රට බෞද්ධ රටක්. ඔවුන්ගේ ආගමික සංස්කෘතිය සමඟ කාන්තාවන්ගේ, මවුවරුන්ගේ හැඩගැසීම තිබෙන්නේ බටහිර රටවල් මෙන් නොව ගුණයහපත්, ශ්‍රේෂ්ඨත්වයක් මේ රටේ තිබෙනවා. මේ තත්ත්වය නීතියෙන්, කඩදාසියෙන් විනාශ කරන්න එපා කියා මම කිවුවා. ඒ ගැසට් නිවේදනය අපි ඉවත් කළා.
මට මත්ද්‍රව්‍ය විරෝධී කටයුතු හේතුවෙන් ලෝකයෙන් සම්මාන රැසක් හිමිව තිබෙනවා. එදා මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළා. මාව ජනාධිපති කළේ ඖෂධ පනත වෙනුවෙන් ගෙනගිය සටන දැකලා. කවුරු කළත් වැරැදි නම් වැරැදි. ඊට ඉඩ දෙන්න බැහැ. මේ සභාව පත්කර ගන්න මන්ත්‍රීවරු සමඟ මේ සටන අවසන් කරන සටන නොවේ. 10දා මේ රටේ සටන ආරම්භ කරන දවසයි. හොඳ, යහපත් රටක් හදන්න, ගුණවන්ත දේශපාලඥයින් පිරිසක් ගොඩනඟන්න කටයුතු ආරම්භ කරනවා. දූෂිත දේශපාලනය නිසා මේ රට හදන්න බැහැ. ඒ නිසා අත ලකුණට ඡන්දය දී ඔබගේ නියෝජිතයන් පත්කර ගන්න. මෙතන ජනතාවට විවිධ ප්‍රශ්න තිබෙනවා. මේ ප්‍රශ්න මේ වසර තුනෙත් විශාල ප්‍රමාණයක් විසඳා තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ පාසල් 242න් 150ක වැඩ අවසන්කර තිබෙනවා. මම ජනාධිපති වෙනකොට මේ දිස්ත්‍රික්කයේ පාසල්වල ඩෙස් පුටු තිබුණේ නැහැ. කෝටි 9ක ඩෙස් පුටු මම අරන් දුන්නා. මේ දිස්ත්‍රික්කයේ අද වනවිට සිදුවන සංවර්ධනය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිඳු දිස්ත්‍රික්කයක නොමැති ලෙස සිදුවෙනවා. පසුගිය වසර 50ක 60ක 70ක කාලයේ හැම ආණ්ඩුවක්ම යම් ප්‍රමාණයකට වැඩකර තිබෙනවා. නමුත් මේ දිස්ත්‍රික්කයේ කළ යුතු සංවර්ධන කටයුතු රැසක් තිබෙනවා. අද අධ්‍යාපනයේ අඩුපාඩුවක් නැතිව අංග සම්පූර්ණ කරගෙන යනවා. මේ දිස්ත්‍රික්කයේ පිරිවෙන් 15ක් තිබෙනවා. පිරිවෙන් 8ක් අංග සම්පූර්ණ කර තිබෙනවා.
අද මේ ප්‍රදේශ දියුණු කරන්න පියවර ගෙන තිබෙනවා. දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සියයට 90ක් පමණ අංග සම්පූර්ණ වී තිබෙනවා. පොලොන්නරුව මහ රෝහලේ නව ගොඩනැගිලි රැසක් ඉදිකර තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ අවශ්‍ය වෙනස, පරිවර්තනය, සංවර්ධනය තව වසර සියයකට එහා අවශ්‍ය නොවන පරිදි මම ගොඩනඟනවා. ඒ වෙනස පේනවා. අහිංසක දුප්පත් ජනතාවගේ දුක් කඳුළුවලට, බඩගින්න නිවන්න, දරුවන්ට අධ්‍යාපනය දෙන්න මේ ජනතාවට කුඹුරු ටික වැඩ කරගන්න වතුර ටික දෙන්නේ නැතිව හිටියා. මාත් සමඟ තරහක් තිබෙනවා නම් මට දඩුවම් කරන එක වෙනම දෙයක්. මොරගහකන්දට වසර පහක්, හයක් සල්ලි දෙන්නේ නැතිව දඩුවම් කළේ රජරට ජනතාවටයි.
ඔබ අද වෙන අය සමඟ යනවාද. බලයක් දෙනවා ද පිරිසිදු දේශපාලනයක් සමඟ ගම සංවර්ධනය කරන්න නියෝජිතයන් පිරිසක් පත් කරනවා ද යන්න හෘද සාක්ෂියෙන්ම අහන්න. පෙර රජදවසින් පසුව මේ දිස්ත්‍රික්කයේ යෝධ සංවර්ධනයක් සිදුවෙමින් තිබෙනවා. හැම තරුණ දරුවෙකුටම රජයේ රැකියා දෙන්න ආණ්ඩුවේ ක්‍රමයක් නොමැති නිසා වෘත්තීය පුහුණුව, ස්වයං රැකියා සඳහා රුපියල් කෝටි 100ක් පසුගිය වසරේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයට වෙන් කර තිබෙනවා. නමුත් අපේ ආයතනවල අදක්ෂකම නිසා ඒ මුදලින් හිමිවුණේ රුපියල් කෝටි පහයි. අනෙක් රුපියල් කෝටි 95ක මුදල භාණ්ඩාගාරයට ගියා. මෙවරත් මම මුදල් වෙන් කර තිබෙනවා. මේ ඡන්ද කාලය නිසා මුදල් දෙන්නේ නැහැ. නමුත් පෙබරවාරි 10න් පසුව මුදල් ලබාදෙනවා. පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන්න. දූෂිත පුද්ගලයන්ට ඡන්දය දෙනවා ද ,නැද්ද. මේ වෙනස මම කරනවා. ඒ වෙනස කර තිබෙනවා. වෙනස සතුටුද කියා ඇතැමුන් අහනවා. රට තිබුණු තැන සහ අද තිබෙන තත්ත්වය බලන්න.
උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අමරවංශ මොහොට්ටි මහත්වරුද මෙහිදි කතා කළහ ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී ඒකනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, හිටපු ඇමැති දයාශ්‍රිත තිසේරා, නියෝජ්‍ය ඇමැති වික්ටර් ඇන්තනී, හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා, මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද මේ ජනහමුවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර සහ සීගිරිය විශේෂ - කාංචන කුමාර ආරියදාස, බකමූණ සිට ...
ඡායාරූප - නිරෝෂ් බටේපොල සහ ජනාධිපති මාධ්‍ය අංශය

0 Comments