මෙවර පවත්වන 70 වෙනි ජාතික නිදහස් උළෙල නිමිත්තෙන් සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවාස වල පෙබරවාරි 01 සිට 07 වෙනිදා දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටී.
මේ සඳහා ආගමික වතාවත් ආරම්භය 02 වෙනිදා සවස 9.30 සිට පසුදින 4.45 දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ජනාධිපති හා අගමැතිවරයා සහභාගීවීමට නියමිත බවද පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා කීය. ජාතික නිදහස් උළෙල පළාත් මට්ටමින්ද පැවැත්වීමට නියමිත බව කී ඇමැතිවරයා ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කර ඇතැයිද කීය.

0 Comments