‘ එකම දැයක් තේමා පාඨය කරගනිමින් මෙවර පවත්වන 70 වැනි ජාතික නිදහස් සමරු උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 04, ගාලු මුවදොර පිටියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
මේ රාජ්‍ය උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදවරයාගේ පුත් එඩ්වඩ් කුමරු ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීමට නියමිතය. ජපානය, චීනය යන රට වලින් විශේෂ නියෝජිතවරයෙකු බැගින් සහභාගී වෙන බවත් මේ උත්සවය සඳහා රටවල් 112කට ආරාධනා කර තිබෙන බවත් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පසුගියදා (26) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එදින පෙරවරු 6.00ට සර්ව ආගමික වතාවත් සිදු කෙරෙන අතර අනතුරුව නිදහස් චතුරශ්‍රෙය් පිහිටි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබේ. එදින 8.50ට මඟුල් බෙර සහ සක් හඬ මැද ජනාධිපතිතුමා විසින් ජාතික ධජය එසවීම සිදු කරනු ලැබේ.
අනතුරුව මියුසියස්, අනුලා, රාජකීය, විවේකානන්ද, මුස්ලිම් කාන්තා, රාමනාදන් හින්දු, නාලන්ද, ආනන්ද, ආරක්ෂක සේවා, සහිරා යන පාසල් දහයකින් සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් සිංහල බසින් ජාතික ගිතය ගායනා කරනු ලැබේ.

0 Comments