කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි පුළුල්ව සමාලෝචනය කරන බව කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
පාරිභෝගිකයින්ගේ සුබසිද්ධිය සුරක්ෂිත කිරීම සඳහා පවතින රාමුව නූතන පාරිභෝගින ප්‍රවණතා සහ ගතිකත්වයේ සංකීර්ණතාවයන් හි දැවැන්ත වෙනස්කම් හමුවේ තවදුරටත් සතුටුදායක තත්ත්වයක් නොපෙනෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මෙම නිවේදනය අතිරේක ලේකම් එම්. ඒ. තාජුදීන් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන ආයතනය සමඟ එක්ව නියාමන ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන නියාමන කටයුතුවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා සංවිධානය කළ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවේදීය.
අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම වැඩමුළුවේ පළමු අදියර පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණ අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියාමන ආයතනයන් වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය, මහජන උපයෝගිතා කොමිසන් සභාව, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බල ශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදි ආයතන වල නිලධාරීන් ද පෞද්ගලික අංශය මෙන්ම යූ.එන්.අයි.ඩීඕ, එෆ්.ඒ.ඕ, ඩබ්ලිව්.එච්.ඕ නියෝජිතවරු ද සහභාගි වූහ.
' නියාමන ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ නියාමන කාර්යයන්හි ගුණාත්මක බව වැඩි දියුණු කිරීම මගින් අපේක්ෂිත ආර්ථික හා සමජීය ප්‍රතිලාභ ලඟා කර ගත හැක්කේ කෙසේද යන්න මෙම වැඩමුළුවේ දී සවිස්තරාත්මකව විමසා බලනු ලබනවා.
යුරෝපීය සංගමයේ මුල්‍ය දායකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව නියාමන කටයුතු වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම තුළින් යුරෝපීය හා ආසියාතික රටවලට අපනයනය කරනු ලබන භාණ්ඩවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම තුළින් වැඩි අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.
විශේෂයෙන් මෙම වැඩමුළුව පැවැත්වීමට අනුග්‍රහය දැක්වීම පිළිබඳව යුරෝපා සංගමයට අපගේ ස්තූතිය පිරිනමනවා. මෙම මාර්ගෝපදේශ ලොව පුරා රටවල් 100 ක් පමණ ඔවුන් ගේ ජාතික පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් මේ වන විටත් පිළිපදිනු ලබනවා. වෙනස් වන ලෝකයේ ශ්‍රී ලංකාවටද එය පිළිපැදීමට සුදුසු කාලය පැමිණ තිබෙනවා' යි අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා ගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.
ඡායාරූපය - රොෂාන් පිටිපන
0 Comments