Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකා සභාවේ හයවැනි රදගුරු හිමිපාණෝ ආසනාරූඪ කෙරෙති

ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ හයවැනි රදගුරු හිමිපාණන් ලෙස දේවප්‍රිය කීර්තිසිරි ප්‍රනාන්දු අනුනායක පියතුමා ආසනාරූඪ කිරීමේ විශේෂ දේව මෙහෙය කුරුණෑගල ක්‍රිස්තු රජිද මුල් දෙව් මැදුරේ දී ඉකුත් (06 දා) උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙම දේව මෙහෙය සඳහා ලංකා සභාවේ කොළඹ රදගුරු ඩිලෝරාජ් කනගසබේ, කැන්ටබරි අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ නියෝජිත රදගුරු ඉයන් අර්නස්ට්, මෙල්බෝන් අගරදගුරු පිලිප් ෆිරර් යන රදගුරුතුමන්ලා ඇතුළු දෙස් විදෙස් රදගුරුවරුන් සහ කිතුණු පූජකවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. නව රදගුරුතුමන් ආසනාරූඪ කිරීමේ අවස්ථාවට සත්කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

දේව මෙහෙය අතරතුර දී ඩිලෝරාජ් කනගසබේ අගරදගුරුතුමන් ඇතුළු රදගුරුවරුන් විසින් දේවප්‍රිය කීර්තිසිරි ප්‍රනාන්දු අනුනායක පියතුමන් වෙත රදගුරු හිස්වැස්ම ඇතුලූ පැළදුම් පිරිනමා එතුමන් කුරුණෑගල දියෝකීසියේ නව රදගුරු හිමිපාණන් ලෙස ආසනාරූඪ කළහ. ඉන් අනතුරුව කතෝලික සම්ප්‍රදායන්ට අනුව එම තනතුරේ දිවුරුම්දුන් නව රදගුරුතුමන් ඉන් අනතුරුව සිය ශ්‍රාවක පිරිසකගේ පා සේදීමේ සම්ප්‍රදායනුකූල චාරිත්‍රයද ඉටුකළේය. දේව මෙහෙය අවසන්වීමෙන් අනතුරුව එළිමහන් පීඨිකාවක දී දේවප්‍රිය කීර්තිසිරි ප්‍රනාන්දු නව රදගුරුතුමන් විසින් ජනතාවගේ සුබපැතුම් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල, රාජ්‍ය නිලධාරිහු සහ කුරුණෑගල දියෝකීසියට අයත් මීසම් නියෝජනය කරමින් පැමිණි කතෝලික බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

කුරුණෑගල අතිරේක
ඡායාරූපය කුරුණෑගල අතිරේක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();