Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පහ දිස්ත්‍රික්කයේ සැමට 2020ට ෙපර පානීය ජල පහසුකම්

ඇමැති රවුෆ් හකීම්

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශයන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍ය‍ාපෘති ආරම්භ කර ඇති බවත් රුපියල් මිලියන 2300ක් වියදමින් 2020 වන විට එම ව්‍යාපෘතිය සම්පූර්ණ කරන බවත් ඇමැති රවුෆ් හකීම් මහතා විශ්වාසය පළ කරයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා මේ බව අනාවරණ කළේය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟම චීන රටට සංචාරය කර එයට අවශ්‍යය මුදල් ලබා ගත්තා. එයට අවශ්‍ය වැඩ කටයුතු අපේ අමාත්‍යාංශයෙන් සිදුවෙමින් පවති. 2020 මුල් කාලයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම නිවසකටම නළ මඟින් ජල ලබා ගැනීමට හැකිවේ.

මෙම ප්‍රදේශ ජනතාවගේ ඉල්ලීමට අනුව රජයේ කුඩා නගර සංවර්ධන වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංවර්ධනයටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ව්‍යාපෘති දෙකක් ඉටුකර දීමට ද පියවර ගෙන ඇත.

ගල්ඔලූව ක්‍රිඩාංගණය සංවර්ධනය කිරීම සහ මෙම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු ඉටුකර දීම සඳහා ද ප්‍රතිපාදන වෙන්කර දී ඇති අතර, එය කඩිනම් කිරීම සහා බස්නාහිර පළාත් මන්ත්‍රී ද ෂාෆි රහීම් මහතාට එම අධික්ෂණ කටයුතු මාවිසින් භාර දී තිබෙනවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();