Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් සන්ධාන මංගල ජන රැලිය අනුරාධපුර දී

Author(s): 
අනුරාධපුර මධ්‍යම සමූහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන මංගල ජන රැලිය එළැඹෙන 10 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම මංගල ජන රැලියේ වේදිකා සැකසීමේ කටයුතු ඇතුළු කටයුතු සූදානම් කිරීම සදහා සල්ගාදූ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ඇතුළු නිලධාරින් පසුගියදා එක්වු අතර එහිදි ඇමතිවරයා මෙසේ කියා සිටියේය. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන රැස්වීම අනුරාධපුරයේ පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මංගල ජන රැලිය ඉතාම සාර්ථක රැලියක් බවට පත් කරන්න .මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින සියලුම ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් හා අපේක්ෂකතුමන්ලා සූදානමින් සිටිනවා ජන රැලිය සඳහා. ඉතිහාසයේ කිසිදා නොදුටු රැස්වීමක් මේ මාසේ 10 වැනිදා අනුරාධපුරයේදී දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. රැස්වීමට එන ගාණ එදාට ඇවිත් ගණන් කරලා බලාගන්න.

අපි ඉතාම පැහැදිලිව කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 18ත්, නගර සභාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන් ම ජයග්‍රහණය කරනවා. මුළු රටේම ගත්තොත් අති බහුතරයක් ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව බලය පිහිටුවන්න අපි කටයුතු කරනවා යැයි පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();