රාත්‍රියේ මව විසින් නිදි කර වු මාස 4, 1/ 2 ක පිරිමි දරුවෙකු උදැසන මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ ගෝනපල , පලන්නොරුව, නො 118 / 2 ලිපිනයේ රුවන් ෂෙමියන් මල්ලිකාරච්චි නැමති දරුවාය. පසුගිය 4දා රෑ 8.30 ට පමණ මව විසින් දරුවාට කිරි දි කාමරයේ බිමට ලොකු මෙට්ටයක් දමා දරුවා තබා ඇත. වටේට කොට්ට හා රේලින් එකක් ද දමා තිබු බව මව විසින් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර මියගොස් ඇත්තේ දෙවන දරුවායි. ඔවුන් දරුවන් දෙදෙනාම වෙන වෙනම කාමරවල දිනපතා රාත්‍රියට නිදි කරවා එළිවන තුරු තනිවම තබන බවත් ඔවුන් අවදිවන්නේ උදැසනට බවත් වැඩිදුරටත් පවසා ඇත .
05 දින උදැසන 6.00 ට පමණ අවදි වී මව කාමරයට ගොස් බලන විට දරුවා මෙට්ටයත් රේලින් එකත් අතර මුණින් අතට මෙට්ටය අයිනේ එක් පාදයක් සහ අතක් මෙට්ටය මත සිටින සේ සිට අැත. දරුවාග් කිසිදු ප්‍රතිචාරයක් නොවු බවත් ශරිරය සිතල වි තිබු බවත් තුවායකින් ඔතාගෙන රෝහලට ගෙන ආවත් දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු මියගොස් ඇති බව පවසා තිබේ .
0 Comments