Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරගහකන්ද මංගල දියවර නිකුතු ජාතික මහෝත්සවය 8දා

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

ශ්‍රී ලාංකේය වාරි කර්මාන්ත ඉතිහාසයේ පෞඩත්වය අගය කරන අතරම වර්තමානයේ ළඟා කර ගත් අනගිභවනීයත්වය සනිටුහන් කරමින් ඉදිකළ මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ 8 වැනි දා පෙරවරුවේ පැවැත්වේ.

එදින පෙරවරු 11.20 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපතිවරයාගේ සුරතින් මංගල දියවර නිකුත් කරමින් මේ සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපාරයේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට නියමිතය.

පෙර රජ දවස සෞභාග්‍යමත් සශ්‍රීක රටක්, ගොවි පරපුරක් ජීවත්වූවාය කියන කතාවට සීමා නොවී වර්තමානයේ දී ද එවැනි යුගයක් බිහි කිරීම මේ වාරි යෝජනා ව්‍යාපාරය හරහා සිදු වනු ඇත.

මේ යෝධ බහුකාර්ය ව්‍යාපෘතියත් සමඟ මහවැලි ව්‍යාපාරය හරහා ජලයට හිමිකම් කියු හෙක්ටයාර් ලක්ෂයක භූමි ප්‍රමාණය තවත් හෙක්ටයාර් 82000 කින් වර්ධනය වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මොරගහකන්ද මහා වාරි ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ මෙතෙක් ජලය නොලැබුණු වයඹ හා උතුරේ ප්‍රදේශ රැසකට ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් දැනට ජලය ලැබෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල, මින්නේරිය, ගිරිතලේ වැව්වල ජලය ස්ථාවර කර ගැනීමට හැකි වන බවත් කීවේය.

හෙතෙම මේ අදහස් පළ කළේ මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීමේ ජාතික උත්සවය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();