Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විද්යුත් අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීමට පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

විද්‍යුත් අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කැලණිය විශ්වවිද්‍යාලය කටයුතු යොදා තිබේ. විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයට අයත් ජාතික විද්‍යුත් අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණ ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මෙමගින් විද්‍යුත් අධ්‍යාපනය පිළිබඳව පාසල් ගුරුවරුන්ට ප්‍රායෝගිකව පුහුණුවක් ලබාදීමට නියමිත අතර විද්‍යුත් තාක්ෂණ මෙවලම් භාවිතය පිළිබඳව පුර්ණ නිපුණතාවයෙන් හෙබි ගුරුවරයකු මේ වසර තුළ බිහි කිරීම අපේක්ෂා කරයි.

මෙහි පළමු අදියර වශයෙන් විශ්වවිද්‍යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරු ගිවිසුම්වලට අත්සන් තැබුහ. එහිදී උපකුලපතිවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන අවකාශය නූතන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පුළුල් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කෙරෙන අනාගත ආයෝජනයක් බවයි.

රාජ්‍ය අධ්‍යාපන ඇමැති තිස්ස හේවාවිතාන, කැලණිය විශ්වවිද්‍යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය පී.ජී. විජේරත්න, ජාතික විද්‍යුත් අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමාලී සුරවීර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය කෞෂල්‍යා යටිගම්මන, කථිකාචාර්ය උපුල් ජයන්ත රණේපුර, කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවෙල් මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වුහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();