Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උසස් පෙළ ඉහළින් සමත් වූ මුන්දලමේ දෑස් අඳ අක්ක නගෝ

Author(s): 
අසේල කුරුළුවංශ

දෘෂ්‍යාබාධිත බව අධ්‍යාපනය ලැබීමට බාධාවක් කර නොගනිමින් බ්‍රේල් ක්‍රමය මගින් දිරියෙන් අකුරු කළ පුත්තලම මුන්දලම සිංහල මහ විදුහලේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු මෙවර උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඉහළින් සමත්ව තිබේ.

බත්තුල්ඔය පින්කට්ටිය ප්‍රදේශයේ පදිංචි සඳුනි කේසලා නැමැති අක්කා ඒ සමාර්ථ තුනක්ද ඇගේ නැගණිය වන රුක්ෂානි කේෂලා බී සමාර්ථ තුනක්ද මෙවර උසස් පෙළ විභාගයේදී ලබාගෙන ඇත.

සඳුනිගේ ප්‍රතිඵල අනුව ඇයට පුත්තලම දිස්ත්‍රික්කයේ 08 වන ස්ථානය හිමිව තිබේ.සිංහල,දේශපාලන විද්‍යාව හා ක්‍රිස්තියානි ධර්මය යන විෂයන් යටතේ මොවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.

හලාවත බත්තුල්ඔය කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති මේ සහෝදරියන් දෙදෙනා එයින්ද ඉහළින්ම සමත්ව තිබේ.එහිදී සදුනි ඒ- සාමාර්ථ 7ක් ද ඇගේ නැගණිය වන රුක්ෂාණි ඒ - සාමාර්ථ 4 ක් හා බී- සාමාර්ථ 3 ක් ලබා ගැනීමට සමත්ව ඇත. ඉන් අනතුරුව ඔවුන් උසස් පෙළ හැදැරීම සඳහා පුත්තලම මුන්දලම සිංහල මහා විද්‍යාලයට ඇතුළත්ව තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();