බිරිය සමඟ දියණියන් දෙදෙනා සිඟමනේ යවා සොයා ගන්නා මුදල්වලින් සවසට අරක්කු භාගයක් සමඟ කෑම ගෙනත් දෙන ලෙස කියමින් බිරියට පහර දෙන පියෙක් පිළිබඳව අම්බලන්තොට පොලිසියෙන් වාර්තා වෙයි.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දියණියක් හා දෙක වසරේ ඉගෙනගන්නා දියනියගේද පාසල් ගමන් පවා නතර කර සැම දිනකම තම බිරිය දරුවන් දෙදෙනා සමඟ කිළිටි ඇඳුම් අන්දවා සිඟමනේ පිටත් කර යැවිම මෙම පියා සිදු කරන බව බිරිය කැර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
දරුවන්ගේ පියාගේ කකුලේ තුවාලයක් ඇති හෙයින් හම්බ කිරීමට යැමට නොහැකි බවත් ජනතාවට කියමින් දරුවන් සමඟ මෙලෙස සිඟමනේ ගොස් සොයා ගන්නා මුදල්වලින් අරක්කු බී තමන්ට පහර දිමත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු නොකිරීමත් නිසා බිරිය අම්බලන්තොට පොලිසියට පැමිණිලි කැර ඇත.
බෙලිඅත්ත ඔකේවෙල ප්‍රදේශයේ මොවුන් පදිංචිව ඇති අතර ස්වාමි පුරුෂායාගේ මවත් ,පියාත්, සහෝදරයනුත් සිඟමන් කිරිමේ රැකියාවේ නිරතවන හෙයින් තමන්ට වෙනත් කිසිදු රැකියාවකට යෑමට ඉඩ නොදි සිඟමනේ පමණක් යෙදෙන ලෙසට සැමියා තර්ජනය කරන බවත් අකමැත්තෙන් වසර කිහිපයක් මෙලෙස සිඟමන් කරමින් දරුවන් රැකබලා ගත් බවත් සිඟමන් කර ලබා ගන්නා මුදලින් අරක්කු බි ගෙදර බඩු මුට්ටු විනාශ කරමින් තමාට හිරිහැර කිරිම ඉවසා දරා ගත නොහැකිව අම්බලන්තොට කොග්ගල්ලේ තම මවුපියන් ළඟට යෑමට අවශ්‍ය බව කියමින් ඇය පොලිසියට පැමිණිලි කැර ඇත.
දිනකට රුපියල් 2000 ක් පමණ සොයා ගන්නා අතර අරක්කු භාගයක් පිරිමි කාට හරි කියා බාර් එකකින් ගෙන්වා ගෙන ගෙදර යන බවත් එම අරක්කු භාගය බී නිවෙසේ කළකොළාහල කරමින් උයාගත් දේ පවා කෑමට ඉඩ නොදෙන හෙයින් තව දුරටත් මෙය සිදු කිරීමට නොහැකි නිසා මගේ අම්ම ළඟ දරුවන් තබා කුලි වැඩකට හරි ගොස් දරුවන්ට ඉගැන්විම් කරන බව මෙම තරුණ මව පොලිසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධව විභාග කළ අම්බලන්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එදිරිසිංහ මහතා සැකකාර ස්වාමි පුරුෂයා හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
ලුණම සමූහ
0 Comments