එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අද (30) පෙරවරු 10.00ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කර ඇත. පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශ්වයන් කිහිපයක් විසින් පළ කර ඇති අදහස් පිළිබඳ කථානායකවරයාගේ අවධානය යොමුවී ඇති අතර ඒ පිළිබඳ සළකා බලා මෙම පක්ෂ නායක රැස්වීම අද(30) පෙරවරුවේ පැවැත්වීමට අවධානය යොමුව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ආරාධනා කර ඇති බව කථානායක කාර්යාලය පවසයි.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් ද ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

0 Comments