Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ බැංකුවේ වෙනස්කම් ගැන නව සැලසුම් සකස්වෙනවා

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසිය.

අදාළ නඩු පැවරීම් සහ රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ඊට අදාළව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද මෙහිදී සඳහන් කෙරිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණි.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බව මහබැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. මහබැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළවන අදහස් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරමින් නිලධාරින් පෙන්වා දුන් එහි පිටු අඩුවීමක් සිදුව නොමැති අතර, ඊට අදාළව අනු ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒ අතර අදාළ නඩු කටයුතු ක්‍රියාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවත්ය.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලු නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකවීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානින් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ලබන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතු'ථ පක්ෂ රැසක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් සහ නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();