Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020 දක්වා ආණ්ඩුව අඛණ්ඩව ගෙන යාමට එජාපෙ තීරණය කළා

 පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට බැවින් 2020 දක්වා ආණ්ඩුව අඛණ්ඩව ගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඊයේ (29) තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්ව සහයෝගයෙන් වැඩ කරන බව ද අගමැතිවරයා කීය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළ එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ පක්ෂ නායකයින් හමු වී මෙම තීරණය ගත් බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට බැවින් 2020 දක්වා ආණ්ඩුව ගෙන යාම ප්‍රශ්නයක් නොමැති අතර ඒ පිළිබඳ කිසිම සැකයක් ඇති කර නොගන්නා ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා කීය.

2020 දක්වා ආණ්ඩු බලය ගෙන යමින් රජය ඇරඹු වැඩපිළිවෙළ පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් ඉදිරියටත් ගෙන යන බැවින් ගමේ ආණ්ඩුවේ බලයත් එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ලෙස අගමැතිවරයා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර‍යේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැලියට එක් වෙමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();