ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියේ කිසිඳු කරුණක් යටපත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉඩ නොතබන බවත් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමේදී සියලු කරුණු අනාවරණය කර තිබීම අවාසි සහගත වියහැකි බැවින් මෙවන් පියවරක් ගෙන ඇති බවත් ධීවර හා මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24)පැවසීය.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටු අඩු බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේද පිටු අඩුවෙන් බවට පාර්ලිමේන්තුවේදී මතුවූ කතා බහට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කෙළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැඳුම්කර සිද්ධිය යටපත් කිරීමට කිසිසේත් උත්සාහ නොකරන අතර වැරදි කරුවන්ට දඬුවම් දීමේදී හා නඩු පැවරීමේදී අවාසි සහගත වියහැකි බැවින් සියළු තොරතුරු මේ මොහොතේදී අනාවරණය නොකිරීමට කටයුතු කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.එමෙන්ම මේ පිළිබඳ සියළු තොරතුරු අවශ්‍ය හා සූදුසුම අවස්ථාවේදී ලබාදීමට කටයුතු කරන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර ඇති බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ හා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කොමිෂන් වාර්තා පිටු ගණනේ පරස්පරයක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මතුකිරිමත් සමඟ ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ඇමැති මහින්ද අමරවීර මහතා
මෙම සිද්ධිය විවිධ අයුරින් මාධ්‍යවල පළවී වෙනත් අදහස් මතුවිය හැකියි.සැබෑ තත්ත්වය වැරදි කරුවන්ට දඩුවම් ලබාදීමයි. මේ ප්‍රකාශ මෙහෙම කළාම අද රාත්‍රියේ මාධ්‍ය ඔස්සේ සමාජ ගතවන්නේ වෙනත් මතවාදයක්.
අනුර කුමාර දිසානායක මහතා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව තුළ සියල්ල අන්තර්ගත බවට ජනාධිපති ලේකම්වරයා සඳහන් කළ බවට කතානායකවරයාත් ඊයේ මේ සභාවේදී සඳහන් කළා. අද වෙනත් කතාවක් කියනවා. ඒ නිසා මෙතන පරස්පරයක් තිබෙනවා. ඒ නිසාමේ පිළිබඳව විමසීමට වහාම ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැදවන්න.
කිරිඇල්ල මහතා
ජනාධිපතිවරයා මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව අපි පිළිගත යුතුයි.වාර්තාවේ පිටු අඩුනම් විවාදයක් කරන්නට බැහැ.
කතානායකවරයා
මේ ගැන මගෙන්ද කිහිප දෙනෙක් විමසිම් කළා. ඒ නිසා මම මේ පිළිබඳව විමසීමට ජනාධිපති ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබාදුන්නා.ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මා සමඟ කතාකළා.පසුව මම සිදුකරන ලද විමසීමට අනුව ලිපියක් මඟින්ද දැනුම් දීමක් සිදුකර තිබෙනවා.මේ වාර්තාවේ ඇතුළත් සමහර කරුණු බොක්ස් ෆයිල් හා ඇතැම් කොටස් වල ලේඛන මිටි බැඳීම සඳහා ලබාදී ඇතිබව එතුමා සඳහන් කළා. එමෙන්ම මෙම වාර්තාව සකස් කිරීමේදී කොමිසම අතට පත්වූ ලේඛන රාශියක් තිබෙනවා.ඒවා සුරක්ෂිතව පවත්වාගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. මිටි වලින් , බඳින ලද පොත් මගින් මේවා සුරක්ෂිත කළ යුතුයි.එසේ බදින ලද පොත් තවමත් මා වෙත ලැබී නොමැති බවත් ජනාධිපති ලේකම් වරයා සඳහන් කළා.
ජනාධිපති ලේකම්වරයා වෙත නීතිපති උපදෙස් ලැබීමෙන් පසුව පසු අවශ්‍යතාව මත නිකුත් කිරිමට කටයුතු කරන බවත් එතුමා සඳහන් කර තිබෙනවා.
අනුර දිසානායක මහතා
මේ පිළිබඳව කරුණු විමසීමට ජනාධිපති ලේකම්වරයා පක්ෂනායක රැස්වීමට කැඳවන්න.
දිනේෂ් ගුණවර්ධන මහතා
ඕනම නිලධාරියෙක් කැඳවිමේ බලය බලය ඔබ සතුයි.
මහින්ද අමරවිර මහතා
මෙම සිද්ධිය පිළිබඳ කිසිඳු තොරතුක් වසන් කිරීමේ අවශ්‍ය නෑ

0 Comments