Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යටිතල පහසුකම් සහිත ආදර්ශ ගම්මාන 707ක් අලුතින්

ශිරෝමි අබයසිංහ

දිවයිනපුරා සියලූ ප්‍රදේශ ආවරණය වන අයුරින් නිවාස හා යටිතල පහසුකම්වලින් සමන්විත ආදර්ශ ගම්මාන 707 ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙලට ආයෝජන කොට ඇති මුදල රු.මිලියන 1163.310 කි.උතුරු පළාතේ නිවාස සංවර්ධන වැඩ පිළිවෙළ තුළින් යුද්ධයෙන් අවතැන් වූ පවුල් 2551 සඳහා ආදර්ශ ගම්මාන 48 ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර

මඩකළපුව දිස්ත්‍රික්කයේ පමණක් නව නිවාස 1071 කින් සමන්විත ආදර්ශ ගම්මාන 29 ක් රුපියල් මිලියන 476 ක් වැයකොට ඉදිකර තිබේ.

වව්නියාව බෝගස්වැව විදේශ නිවාස ව්‍යාපෘතිය, වැලිඔය තිරසාර නිවාස වැඩසටහන, වීරසුමිතුරු නිවාස වැඩසටහන, වකුගඩු රෝගීන්ට නිවාස පහසුකම්, නිවාස පිළිසකර කිරීමේ වැඩසටහන, සොදුරු පියස නිවාස වැඩසටහන, සෙවණ ආධාර වැඩසටහන, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යන ව්‍යාපෘති තුළින් ලංකාවේ සියලූම දිස්ත්‍රික්ක තුළ ආදර්ශ ගම්මාන රාජ්‍ය බැංකු හා මූල්‍ය අනුග්‍රහය යටතේ අඩු පොලියට නිවාස ණය ලබාදෙමින් දියත් කළ වැඩසටහන් අතර වේ.

මීට අමතරව මැදි මට්ටමේ ආදායම් ලාභීන්ට නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ දායකත්වයෙන් නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. වාද්දුව, හෝමාගම, ජල්තර සහ රාගම යන ප්‍රදේශ ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘති හතරක වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, 2018 වසර තුළ අනෙකුත් ප්‍රදේශ තුළ මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉඩම් හඳුනාගෙන තිබේ.

ඒ තුළින් මැදි මට්ටමේ ආදායම් ලාභීන්ට, රජයේ සේවකයින්ට දරාගත හැකි මිලකට නිවසක් ලබාගැනීමට පහසුව සැලසෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();