Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපැදි සම්මේලනයේ නිලවරණය අදයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

විවිධ මතගැටුම් හේතුවෙන් පස් වතාවක්ම කල්දැමීමට සිදුවූ පාපැදි සම්මේලනයේ නිලවරණය අද (12) ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වෙයි. මීට පෙර අවසන් වතාවට පසුගිය මාසයේ 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාපැදි සම්මේලනයේ නිලවරණය අද දිනය තෙක් කල්දැමීමට සිදුවූයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනා සළකා බැලීමට කාලය ගතවු බැවිනි.

අද පැවැත්වෙන පාපැදි නිලවරණයේදී සභාපතිධුරය සඳහා එන්.කරුණාරත්න, ඩබ්.එම්.එස්.බණ්ඩාර සහ විල්මන් පෙරේරා මහත්වරු අතර උණුසුම් ඡන්ද විමසීමක් සිදුවනු ඇතැයි දැනටමත් අනාවැකි පහළ වී තිබේ. මීට පෙර සභාපති අපේක්ෂකත්වයට 6 දෙනකු ඉදිරිපත්වී සිටියත් නිලවරණය කමිටුවෙන් සහ අභියාචනා කමිටුවෙන් අපේක්ෂයන් 3දෙනකු ප්‍රතික්ෂේප කර තිබිණි. ලේකම් තනතුරු සඳහා ද මීට පෙර අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත්වී සිටි අතර දෙදෙනකුගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වීමෙන් නිහාල් කුලසේකර මහතා නිතරගයෙන් ලේකම්ධුරයට පත්වනු ඇත.

මීට අමතරව උපලේකම් තනතුරු වෙනුවෙන් නලින් අධිකාරී ආරච්චි මහතා සහ නිලූකා සුරංජි මහත්මිය තරග වදිති. පාපැදි සම්මේලනයේ උපසභාපති තනතුරු 6ක් සඳහා අපේක්ෂක අපේක්ෂිකාවන් 13ක් ඉදිරිපත්විම කැපී පෙනේ.

පාපැදි සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ 41ක් අද ඡන්දය ප්‍රකාශ කිරිමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();