දියුණු ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස තම මවුබිමේ හැඩරුව ඉස්මතු කරන්නට අරගලයකට පිළිපන් ප්රජාතන්ත්රවාදී බුද්ධිමතකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා මිය ගියේ, ප්රජාතන්ත්රවාදයට එරෙහි බලවේගවල ගොදුරක් වෙමිනි.
එවක කුඩා දැරියක වූ ඇතුලත්මුදලි මහතාගේ එකම දියණිය වූ සරලා ඇතුලත්මුදලි උසස් අධ්‍යාපනයෙන් පසු විදේශගත විය. මවුබිමෙන් බොහෝ දුරක වාසය කළ ද දිගු කලකට පසු තම පියා දුටු සිහිනය මේ බිම මත ලියලනු දුටු සරලා, තම හත් හැවිරිදි පුතු සමඟ ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය වෙත රැගෙන යන ගමනේ නියමුවානන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවන්නට පැමිණියාය.
ජනාධිපතිවරයා සමඟ සමීපව බැඳුණු ඇතුලත්මුදලි මුනුපුරු මේ දැවටෙන්නේ තමා නොදුටු තම අතීත පරපුරේ අරගල හා බැඳුණු මතකයන් සමඟ ද?
ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments