පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා පසුගිය දා (05) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
සිය මවුපියන් සමඟ සීෂෙල්ස් හි පදිංචි මේ දරුවා ‘Junk Food’ නැමැති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවරුදු 04යි දින 356කි. මේ ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03ක කාලයක්වීමද විශේෂත්වයකි.
දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක් ද පිළිගැන් වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළේය.
සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතා සහ දරුවාගේ මවුපියන් වන තුසිත සේරසිංහ, අප්සරා සේරසිංහ යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය
ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments