*කටවුට් 31ට පෙර ඉවත් කරන්න
* ලැයිස්තුවේ පිරිමින්ට අවස්ථාවක් ලැබෙන්නේ ගැහැනු ආවොත් පමණයි
එකිනෙකා අතර වෛරී අදහස් ඇති කිරීම ඇතුළු ඡන්ද වීමසීමට බාධාවන වෙනත් එවැනි ක්‍රියා කිරීම් නීති විරෝධි බැවින් එසේ සිදුවන ප්‍රදේශවල ඡන්ද විමසීම් කල්දැමීමට හා එලෙස ක්‍රියාකරන්නන්ට එරෙහිව මැතිවරණ කොමිසමට පැවැරි තිබෙන නීතිමය බලය අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේබව සඳහන් කළේ ඉකුත් (05දා) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ සභාපතිවරයා මෙසේද කීය. අපේ හා පොලිසියේ නීතිය යටතේ පැහැදිලි කරලා දුන්නා දොළහක පිරිසක් එය පෙරහැරක්, පෙළපාළියක් වෙනවා. මේක අපි අපේක්ෂකයා සමඟ හය දෙනාට සීමා කරන්න හැදුවා. එවිට දේශපාලන පක්ෂ අපෙන් ඉල්ලා සිටියා මේක දසදෙනකු බවට පත් කරන්න කියලා. දැන් අපිට කියන්න පුළුවන් දසදෙනකුට කැන්වසින් යන්න පුළුවන්. එහි ෆොටෝ අරගෙන යන්න බැහැ. වීඩියෝ කිරීමේ පහසුකම් තියෙන නිසා මේවා දැනුම් දෙන්න හැකියි. ප්‍රතිපත්ති ප්‍රකාශ බෙදන්න හැකියි. මෙහි මුද්‍රණකරුගේ නම තියෙන්න ඕනේ.
සමහර කුඩා අත්පත්රිකාවල ෆොටො දාලා ලාංඡන දාලා සීයක් පමණ තාප්පවල අලවනවා ඒක නීති විරෝධියි.
ඇතැම් දේශපාලන පක්ෂ වාර්ෂික සම්මේලනය, පක්ෂ සම්මේලනය ආදි විශේෂ සම්මේලන තියෙනවා කියලා ලංකාව පුරාම පක්ෂයේ ලකුණ දාලා කතිරය දමා පෝස්ටර ගහනවා. ඒකට පැමිණිල්ලක් පෙරේදා දකුණු පළාතෙන් ඇවිල්ලා, එක තැනක ආගමික උත්සවයක් ගැන කියලා පෝස්ටර් ගහනවා. ඊට දේශපාලන පක්ෂයක නමක් හා ලකුණක් දමා තියෙනවා. ඒවා නීති විරෝධියි. අලවන්න හැකියි එකම එක පෝස්ටර් වර්ගයයි. ප්‍රසිද්ධ රැස්වීමක් තියෙනවා. ඊට කථිකයන්ගේ නම් හා ස්ථානය යොදන්න පුළුවන්.
අපි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර නීති ටිකක් ලිහිල් කළා. පක්ෂයේ නම හා දාලා දිනවීමේ මහා රැලිය ලෙස රැස්වීම් ගැන කියන්න පුළුවන්. නැත්නම් පක්ෂයක තේමාවක් යොදාගන්න හැකියි. විවිධ නායකයින්ගේ හා අපේක්ෂකයන්ගේ ඡායාරූප යොදා රැස්විම් සඳහා පෝස්ටර් ගැසීමේදි ඒවා අත්අඩංගුවට ගත හැකියි. පොලිසියට මේවා කියනවා වගේම පොලිසියය ලවා ක්‍රියාත්මක කරනවා. දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා. අත්අඩංගුවට ගැනිම්වලදි පොලිසියට විවිධ බලපෑම් කරන්න එපා. ඒවාට යටත්වන පොලිසියක් ඉන්නවා කියා හිතන්න එපා. සමහරු කියනවා පොලිසිය වුවමනාවට වඩා බලය භාවිත කරනවා කියලා සමහරු කියනවා . එහෙම දෙයක් කරන්නේ නැහැ. ගාල්ලේදි අපිට චෝදනාවක් කළා මැතිවරණය කල් දැම්ම කොමසාරිස් අපිට ඡන්දය කරන්න දෙන්නේ නැහැ කියා. අපි කිසිදිනෙක ඡන්ද කල්දමන්න ගිහිල්ලා නැහැ.
අපි දැනට කටඅවුට් බැනර් ගාන්න ඉඩදීලා තියෙන එක අයිතිවාසිකමක් නොවේ. වරප්රසාදයකුයි දීලා තියෙන්නේ. ඇත්තටම නීතියේ හැටියට කටවුට් පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න පුළුවන් රැස්වීම් භූමියේ පමණයි. පෝස්ටර් ගහන්න හැකි රැස්වීම් කැඳවන්න පමණයි. මේ සඳහා වසර දෙදහසේ අග භාගයේදි පමණ දේශපාලන පක්ෂ සිදුකළ ඉල්ලීමක් අනුව පක්ෂ ලේකම්වරුන්ගේ හා පොලිස්පති හා අනෙකුත් නිලධාරින්ගේ රැස්වීමකදි සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයක් තමයි මේ කාර්යාලවල කටවුට් ගැසීම. හැබැයි දැනටම අපි තීරණයක් කර තියෙනවා ලබන (31දා) වනවිට මේවා ඉවත් කළ යුතුයි කියලා.
මෙම කටවුට් ගහන්න දුන් එක වැරැදියි කියලා දැනටමත් මට එන්තරවාසි දෙකක් පුරවැසියන්ගෙන් ලැබිලා තියෙනවා. විශාල ලෙස කටවුට් ගැසු තැනක පින්තූර එවා තියෙනවා. නායකයකුගේ හා අපේක්ෂකයකුගේ මේ අඩි විස්සේ හා දහයේ පින්තූර මේවා ගැලවීමට සිදුවෙන අතර අනෙක් ඒවා ගැලවීමට එය හේතුවක් වෙනවා.
දෙවියන්, බුදුන් වහන්සේගේ හා ජේසූස් වහන්සේගේ ප්‍රතිමා ඇරෙන්න ඒ මට්ටමේ රූප ගසන්නේ නැහැ කව්රු හරි එවැනි ෆොටො ගහලා දෙවියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රූප යන්න අවශ්‍ය තැනට යවනවා. දෙවියන්ට නිසි තැන පාරේ හෝ ගෙවල් නොවේ ඒවා සුරක්ෂිත කරන්න පොලිසියට යවනවා. කාර්යාලවල කටවුට් ගැසීම වරප්‍රසාදය අයුක්ති ලෙස භුක්ති විඳින්න යන්න එපා. එසේ කළොත් මැතිවරණ කොමිෂන් සභාවට, තේරිම්භාර නිලධාරියාට හා පොලිසියට වෙන විකල්පයක් නැහැ. මේවා ගැලවීම ඇර.
මේ ඡන්ද ක්‍රමය අනුව අංක නැහැ. පක්ෂයේ නම විතරයි සඳහන් කරන්න පුළුවන්. තමන්ට අයිති කොට්ඨාසයේ පමණයි ප්රචාරක වැඩකරන්න පුළුවන්. එහෙත් දසදෙනකුගේ කණ්ඩායමක් හැටියට. මට්ටක්කුලිය වගේ විශාල ඡන්ද කොට්ඨාසවල අපේක්ෂකයෝ තිදෙනකු දමා තියෙනවා. ඒ අයට බෙදාගෙන ප්රචාරක කටයුතු කරන්න පුළුවන්. එහෙත් සමහර ප්‍රදේශවල තාප්ප පිරෙන්න පෝස්ටර් ගහලා තියෙනවා. ඒවා වහාම ගලවන්න පියවර ගන්න. නැත්නම් අපිට දන්වන්න අපි තැපෑලෙන් එවනවා නීති විරෝධි පෝස්ටර් පිළිබඳ දැන්වීම.
මහජනයා පෙරට එන්න ඕනේ දුම්බීම වළක්වන්න කව්ද පෙරට ආවේ ජනතාවයි. මැතිවරණ නීති කඩන අය ගැන ජනතාවගේ දැඩි විරෝධයක් පැමිණෙන්න ඕනේ. මැතිවරණ නීති කැඩීම් ගැන දැනගත් වහාම ළඟම තියෙන පොලිසියට දන්වන්න. ඒක තමයි එකම විකල්පය මෙය පරාජය කරන්න. ඇතැම් අපේක්ෂකයෝ පොඩියට දාලා කාලත්‍රයාගේ ෆොටො එක ලොකුවට දානවා. නමුත් ලැයිස්තුවේ නැති කිසි කෙනකුට බැහැ. ලැයිස්තුවලින් පිරිමි අපේක්ෂකයින්ට පත්වෙන්න ලැබෙන්නේ කාන්තාවන් දිනුවේ නැත්නම් පමණයි. 20%ක් අඩු ඡන්ද තියෙන අවට පමණයි පිරිමි අයකුට පත්වීම් අවස්ථාව තියෙන්නේ.
ලැයිස්තුවේ කාන්තාවෝ සියල්ලම වගේ දින්නොත් පිරිමින්ට පත්වීම් අවස්ථාව තියෙනවා. නැත්නම් පත්වීම් අවස්ථාව අඩුයි. කාන්තා අපේක්ෂකයින්ට අයුතු බලපෑම් කරන්න එපා. මෙසේ කාන්තාවන්ට අයුතු බලපෑම් ඇතිවුණොත් 0113024884 ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දිය හැකි සෘජු දුරකතන අංකයට දැනුම් දිය හැකියි. දැනටමත් බරපතල පැමිණිල්ලක් ලැබි තියෙනවා.
ප්‍රකට පුදුකුඩිඉරප්පු ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක් එමෙන්ම බටහිර ප්‍රදේශයේ උතුරු දිසාවට වෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කාන්තාවන්ට ඡන්දය දෙන්න එපා කියලා දින දෙකක් ප්‍රචාරය කර තියෙනවා. ඊසාන හා බටහිරවෙරළබඩ ප්‍රදේශවලට අපේ කණ්ඩායම් යවා තියෙනවා. නැඟෙනහිර ප්‍රදේශයේ තැනක එක්තරා දේශපාලන පක්ෂයක් අනෙක් දේශපාලන පක්ෂවලට ඡන්ද කටයුතු කරන්න ඉඩදෙන්නේ නැතිව එහි දේශපාලනය කරන්න පුළුවන් ඒ ප්‍රදේශයේ යම් අනුග්‍රහයක් ඇති අයගේ අයට පමණී බවට ප්‍රකාශ සිදුකර තියෙනවා. මෙවැනි ඡන්ද කටයුතුවලට බාධා කරන ප්‍රදේශවල ඡන්ද විමසීම් ඉතා සතුටින් කල්දමනවා.
මෙහිදි අපි අවවාදයක් කරන්න කැමතියි. කව්රු මැතිවරණ කොම්ෂන් සභාවේ බලය සමඟ පුළුවන්ද බැරිද කියලා ඒ ප්‍රදේශවල ඡන්ද විමසීම් ටික කාලයකට නැතිවෙන්න හැකියි. අපිට ඉඩදෙන්න බැහැ මහජනතාව වෙනුවෙන් පවත්වන ඡන්ද විමසීම්වලට බාධා ඇති කරන්න කිසිවකුට ඉඩ දෙන්න බැහැ. මේ ගැන උතුරේ, නැඟෙනහිර හා දකුණේ මේ සම්බන්ධ පැමිණිලි කොමිසමට ලැබි තියෙනවා. අාගමික ස්ථානවල දේශපාලන කටයුතු මෙහෙයවන්න බැහැ. යම් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදාහැරියේ යම් ආගමික ස්ථානය සිට බවට තොරතුරුතියෙනවා. බටහිර, මධ්‍යම ප්‍රදේශවලත් තියෙනවා. ආගමික භූමිවල කතා පවත්වන්න, ප්‍රතිපත්ති ප්‍රකාශ බෙදන්න තහනම්. එම ස්ථානභාර ආගමික නායකයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙන්න හැකියි.
අපේක්ෂකයින්ගේ වාහන ඉල්ලුවා ඒවා සැහැල්ලු වාහන විය යුතුයි. ඇතමුන් ආසන දහසයේ වෑන් රථවල අංක එවා තියෙනවා. එහෙත් බස්වරථවල ලොරිවල අංක එවා තියෙනවා. ඒවා භාරගන්න බැහැ. වාහනයේ වර්ණය වෙනස් කිරීම හා විශාල රූප නායකයන්ගේ රූප ගසා ගන්න බැහැ. ඒවා නීති විරෝධියි. අපේක්ෂකයාගේ වාහනයේ පක්ෂයේ ලකුණ හා වර්ණය සමගින් කුඩාකොඩියක් ගසාගන්න අවසරය තියෙනවා.
අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත
0 Comments