අම්පාර දිස්ත්‍රික්කයේ එරකාමම් ප්‍රාදේශීය සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 4 දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.
එම්. ජේ. රවුෆ්, අමීර් අලි ෆායිස්, එම්. එන්. සෆ්රාස්, එස්. ඒ. ජෙමිරූල් යන මහත්වරුන් මෙලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය පළ කිරීමට එක්විය.
මේ අතර කොළොන්නාව නගර සභාවේ, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටි ඒ. එල්. නිර්මලා මහත්මිය ද අද ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය පළ කිරීමට එක් විය. කොළොන්නාව හිටපු නියෝජ්‍ය නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා ද එම අවස්ථාවට එක් විය. ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ඉන්ද්‍රජිත් විජේවර්ධන මහතා ද අද ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය පළ කළ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා සංවිධායකයන් ලෙස කටයුතු කරන ප්‍රබල සාමාජිකයන් ඇතුළු 21 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ද අද ජනාධිපතිවරයා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කළහ.
මේ අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මනාප 22,000ක් ලබාගත් අපේක්ෂකයකු වන ඒ. එල්. එස්. ලෙබ්බේ මහතා සහ එරක්කාමි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක වූ එච්. එල්. ඒ. එම්. සිද්ධීජ් මහතා ද අද ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.
මහරගම නිල් බළකායේ හිටපු සභාපති එච්. මංජුල ප්‍රසන්න කුමාර මහතා ඇතුළු 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහ ජාතික සේවක සංගමයේ සහ කොළඹ මැනිං වෙළෙඳ පොළේ එක්සත් ජාතික පක්ෂ කොට්ඨාස සංවිධායකවරුන් ඇතුළු පිරිසක් ද අද ජනාධිපති නිල නිවස වෙත පැමිණ ජනාධිපතිවරයා හමුවී එතුමාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments