පොහොර හිඟයට පිළියමක් ලෙස මෙරටට ගෙන්වූ පොහොර ම්‍රෙටික් ටොන් 50000 අද (08) සිට බෙදා හරින බව ලංකා පොහොර සමාගම පවසයි.
මේ පොහොර තොග බෙදා හැරිම සඳහා ලොරි රථ 200ක් වරාය පරිශ්‍රයේ නවතා ඇති බවත් ඇති බවත් අදාළ පොහොර තොග වරායේ සිටම රට පුරා බෙදා හැරිමට සියල්ල සූදානම් බවත් ලංකා පොහොර සමාගමේ සභාපති රෝෂන වඩුගේ මහතා කියා සිටියේය.
මේ වන විට පොහොර රැගත් මෙරටට පැමිණි නෞකාවේ පොහොර සාම්පල පරීක්ෂා කරන බව කී පොරහාර සංසස්ථාවේ සභාපති රෝෂන වඩුගේ මහතා අද සිට එම පොහොර රට පුරා බෙදා හරින බව ද කියා සිටියේය.
අදාළ පොහොර සාම්පල රාසායානාගර තුනක් ඔස්සේ පරීක්ෂා කරන බවත් අද පෙරවරු 11.00 පමණ විට අදාළ වාර්තා ලැබෙන බවත් කී සභාපතිවරයා වාර්තා ලැබුණු විගස ලොරි රථ හරහා රට පුරා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාවලටත් පොහොර ගබඩා වලටත් පොහොර තොග යොමු කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද කියා සිටියේය.
පොහොර රැගෙන ඕමාන රාජ්‍යයේ නෞකාවක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති අතර ඉදිරි දෙසතිය තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 40000ක් රැගෙන පකිස්තාන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද ලංකා පොහොර සමාගමේ සභාපති වඩුගේ මහතා සඳහන් කළේය.
0 Comments