Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ පාලනය ජනතා ප්‍රසාදයට ලක්වීමට ජනපතිගේ දැහැමි ආකල්ප හේතු වෙලා

මල්වතු-අස්ගිරි අනුනාහිමිවරු පවසති

මේ රට හා රටේ පාලනය ජනතාවගේ ප්‍රසාද ජනක පාලනයක් වීමට ජනාධිපතිගේ දැහැමි ආකල්ප හේතු වී ඇතැයි මල්වතු -අස්ගිරි අනුනාහිමිවරු පවසති.

ඉතාමත් හොඳ යහපත් අවංක පාලකයෙක් වන ජනාධිපතිතුමා ගත වූ තෙවසර තුළ දැහැමිව හා මැනවින් රාජ්‍ය පාලනය සිදුකළ බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඊයේ (08) පැවැති ආගමික වතාවත්හිදී අනුනාහිමිවරු මේ බැව් කීහ.

මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් ඇතුඵ ආගමික වතාවත් රැසක් මෙහිදී පැවැති අතර අනුනාහිමිවරු ප්‍රමුඛ මල්වතු- අස්ගිරි මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියහ.

ඉතාම හොඳ ශ්‍රද්ධාවන්ත බෞද්ධ පාලකයෙක් වන ජනපතිතුමන් කිසිදු දෙයක් සිය සාක්කුවේ දමා ගන්නා පාලකයෙක් නොවන බව මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමල ධම්ම හිමියෝ පැවසූහ. පහළම තැන සිට ඉහළම තැනට ගිය ආදර්ශමත් වටිනා නායකයෙක් වන ජනපතිතුමන් තමන් පැමිණි ඒ ගමන් මඟ කිසිදා අමතක නොකර කටයුතු කරන බවද මල්වතු අනුනාහිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.

ශ්‍රී දළදා මාළිගාවේ රන්වියනේ රන් අාලේප කිරීම ඇතුඵ උදාර ආගමික කටයුතු රැසකට පසුගිය වකවානුවේ මූලිකත්වය ලබා දුන් ජනපතිගේ ගමන් මඟ ඉතාම යහපත් පැහැදිලි මාවතක් යැයිද විමලධම්ම හිමියෝ කීහ.

රටේ මිනිසුන්ට රැකියා හෝ වෙනත් දේ නොව අවශ්‍ය වන්නේ දැහැමි පාලනයක් ,යහපාලනයක් බවත් එම පාලනයන් තුළ ජනතාව සතුටින් සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වේඩරුවේ ශ්‍රි උපාලි හිමියෝ මෙහිදී පැවසූහ.

රටකට නායකයකුට හොඳ දැක්මක් තිබිය යුතු බවද වත්මන් ජනපතිතුමාට හා රජයට එවනි හොඳ උදාර දැක්මක් තිබෙන බවද අස්ගිරි අනුනාහිමියෝ කීහ. දුටුගැමුණු මහරජතුමාගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අදටත් වලංගුයැයිද උන්වහන්සේ මෙහිදී පැවසූහ.

ඉන්දික පොල්කොටුව

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();