Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆොටෝවලයි වීඩියෝ කෝල්වලයි දකිනවට වඩා කොච්චර ලස්සනද කියලා හිතුණා”

ජනප්‍රිය නිළියක් මෙන්ම නිරූපිකාවක් විදිහට කවුරු අතරත් ජනප්‍රිය වුණු අමන්දා සිල්වා පසුගිය දවසක යුගදිවියට පිවිසුනා.
හැබැයි අමන්දගේ ආදර කතාව ගැන මාධ්‍යයේනම් වැඩිය කතා වුණේ නැහැ.
ඉතිං කවුරුත් නොදන්න මේ ආදර කතාව ගැන අමන්දා මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

අමන්දාට සුබ මංගලම් කියලම මේ කතාබහ ආරම්භ කරනවා
බොහොම ස්තූතියි

අමන්දා-දිමුතු විවාහ ලියාපදිංචි කිරීමේ උත්සවය ගැන දැනගන්නත් රසික පිරිස කැමති වේවි?
28 වැනිදා කොළඹ ගලධාරි හෝටලයේ තමයි උත්සවය පැවැත්වුණේ. මම බෞද්ධ. දිමුතු කතෝලික. බෞද්ධ චාරිත්‍ර අනුව වගේම කතෝලික චාරිත්‍ර අනුවත් උත්සවය සිදු කෙරුණා. අපි දෙන්නගේ ඥාතීන් හැරුණම සමීපතම හිතවතුන් තමයි උත්සවයට සහභාගි වුණේ. මගේ පැත්තෙන් අත්සන් කළේ කැලුම් විජේසූරිය. දිමුතුගේ පැත්තෙන් එයගේ මාමා අත්සන් කළා.

කලා ලොවෙ හිතවතුන් සහභාගි වුණේ නැද්ද? 
ගොඩක් අය මංගල උත්සවවලදී සාක්ෂිකරුවන්ව, දෙවැනි මනාල මනාලියන්ව යොදා ගන්නේ ජනප්‍රිය චරිත. ඒත් මට එහෙම හිතුණේ නැහැ. හේෂාන් මංජුල, අරුණ හා ඉරේෂා විතරයි කලා ලෝකයේ අයගෙන් උත්සවයට සහභාගි වුණේ. ඒ තුන්දෙනා මගේ හොඳම යාළුවෝ.

කොහොමද අමන්දාට දිමුතුව හමුවුණේ?
දිමුතු පදිංචිවෙලා ඉන්නේ ඇමෙරිකාවේ. ඒත් එයා මගේ මාමා (ප්‍රියන්ත විජේකෝන්)ගේ යාළුවෙක්.

මම ගැන අදහසක් තියෙනවා කියලා දිමුතු තමයි මාමට කියලා තියෙන්නේ.

හැබැයි ඒ වෙද්දී එයා මාව දැකලා තිබුණේ ෆොටෝවලින් විතරයි. මාමා මට ඒ ගැන කිව්වා.

ආශ්‍රය කරලා තීරණයක් ගන්න කියලා මාමා මට කිව්වා.

මුලදී දිමුතුයි මමයි Video Call වලින් තමයි කතාබහ කළේ. යාළුවෝ විදියට ආශ්‍රය කරද්දී මට එයා ගැන පැහැදීමක් ඇතිවුණා.

ඊට පස්සේ තමයි කැමති වුණේ. අපි අවුරුදු 2 1/2ක් විතර ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ.

ඇයි අමන්දා “දිමුතුට” කැමති වුණේ?
එයා හරිම හොඳ අවංක කෙනෙක්. මං ගැන ගොඩක් උනන්දුයි. මම වගේම අපේ පවු‍ලේ අයටත් ආදරෙයි. ඒ හින්දා මම කැමති වුණා.

විවාහය ලියාපදිංචි කෙරුණා. දැන් කවදද විවාහ උත්සවය? 
මේ අවුරුද්දේ විතර

අපි අපේ කතාබහට දිමුතුවත් එකතු කරගත්තා. අමන්දාගේ ආදරය දිනූ දිමුතු ගැන වැඩි විස්තර දැනගන්න හැමෝම කැමතියිනේ. ඒ හින්දා අපි මුලින්ම ඔහුගෙන් සාමාන්‍ය තොරතුරු ගැන විමසා සිටියා.

මගේ ගම කිරිබත්ගොඩ. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මම වයස 14දී ඇමෙරිකාවට ගියා. පවු‍ලේ හැමෝම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. මම ව්‍යාපාරිකයෙක්.

ව්‍යාපාරිකයෙක් වුණාට ඔබට හොඳ ගායන හැකියාවක් තියෙන බව ආරංචියි. ගීතයක් කරන්න එහෙම අදහසක් නැද්ද? 
මම සංගීතයට ආසයි. ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට ගොඩක් කැමතියි. යම් යම් උත්සවවල ගී ගයන්න වුණොත් ගයන්නේ ඒ දෙන්නාගේ ගීත.

ඒත් ගීතයක් කරන්න කලාවට එකතු වන්න නම් ආශාවක් නැහැ. මගේ ක්‍ෂේත්‍රය ව්‍යාපාර ක්‍ෂේත්‍රය.

ඇමෙරිකාව ලංකාවට වඩා ගොඩක් ලොකු රටක්. ලස්සන සුද්දියොත් එහෙදි දකින්න ලැබෙන්න ඇති. එහෙම තියෙද්දී ඇයි ෆොටෝවලින් දැකපු ගෑනු ළමයෙකු ගැන හිත බැඳුණේ 
එකට හේතුව මටත් තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අමන්දා මවන්න ඇත්තේ මම වෙනුවෙන් වෙන්න ඇති.

ෆොටෝවලින් හිත බැඳිලා දුරකථනයෙන් කාලයක් අසුරු කරද්දී මොකද හිතුණේ? 
අමන්දාට ලස්සන හිතක් තියෙන්නේ කියලා හිතුනා.

ඉස්සරවෙලාම එයාව සජීවීව දැක්කේ කවදාද?
මීට අවුරුද්දකට විතර කලින්

ඒ වෙලාවේ මොකද හිතුණේ? 
(හිනැහී) ෆොටෝවලයි වීඩියෝ කෝල්වලයි දකිනවට වඩා කොච්චර ලස්සනද කියලා හිතුණා.

දිමුතු අමන්දාව ඇමෙරිකාවට එකතු කරගෙන යන්නේ කලාවෙන් අයින් කරලාද?
එයා කැමති දේවලවලින් මම කවදාවත් එයාව ඈත් කරන්නේ නැහැ. ඉඳහිට ලංකාවට ඇවිත් කලා කටයුතුවල නිරත වෙන්න ඉඩදෙනවා. ඇමෙරිකාවේදී එයාට නිරූපණ ක්‍ෂේත්‍රය තුළ වැඩිදුර හදාරන්න, ඒ තුළ යමක් කරන්න ඉඩ හදලා දෙනවා.

26047278_1982058168732864_3026185832555753966_n1 26135038_10214134134008548_1080470593_n1



from Gossip Lanka News & Video http://ift.tt/2El6B0G
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();