Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණයට පෙර විවාදයක් පැවැත්වීමට විරුද්ධයි

දිස්නා මුදලිගේ

බැඳුම්කර කොමිසම් සහ බරපතළ වංචා සහ දූෂණ විමර්ශන කොමිසම් වාර්තා පිළිබඳව පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ගැන විරුද්ධ වීමට එක්සත් ජාතික පෙරමුණ  ඊයේ (29) තීරණය කළ බව ජාතික සහජීවන , සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී මේ බව තීරණය වී ‍තිබේ.

ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකිම්, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම,ලක්ෂ්මන් කිරිඇල්ල සහ අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් මේ රැස්වීමට සහභාගි වී තිබේ. මැතිවරණයට පෙර මේ විවාදයන් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීම දේශපාලන ක්‍රියාවක් බව මෙහිදී අවධාරණය වී තිබේ.

මැතිවරණයට පෙර නිහඬ කාලයේ දී විවාදය පැවැත්වීම සුදුසු නොවන බවත් මේ විවාදය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් වැරැදි ප්‍රචාරයක් ලබා දුනහොත් එය නිවැරැදි කිරීමට කාලයක් නොමැති බවද එහිදි අවධානයට ලක් වු බවද ඇමැතිවරයා කිය.කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී එක්සත් ජාතික පෙරමුණේ මතය දැනුම් දෙන බවද පැවසිය.

වෙනම රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයා පසුගියදා පැවති මහජන රැස්වීමක දී ඒකාබද්ධ විපක්ෂයට කළ ආරාධනාව සම්බන්ධයෙන් මේ පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ජා වු බවත් 2015 ජනවාරි මාසයේ දී ජනවරම ලැබුණේ ඒකාබද්ධ විපක්ෂයේ අය සිදු කළ දූෂණවලට එරෙහිව බවත් ඒ අනුව පොදු අපේක්ෂකයා වශයෙන් ජන්දය ලබා දුන් මහජනතාව එයට ඉඩ නොදෙනු ඇති බවට මෙහිදි සාකච්ජා කෙරුණු බවත් ගනේෂන් මහතා කීය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය බරපතළ කතාවක් නොවන බවත් එය හුදෙක් දේශපාලන කතාවක් පමණක් බවද ඇමැතිවරයා කීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();